(ඩයනා උදයංගනී)
ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙල් කැන වැට පැනලා.
සහය දුන්නත්, නැතත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙටවත්, ඔයාටවත් නැවත ඡන්දය දෙන්නේ නැත අද මේ තත්වයට රට ගේන්න මුල්වුනාට.
"පක්ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව....." හෘද සාක්ෂිය මොනවා කිව්වත්, සාධාරණය කොහොම වුනත්, මහජනතාවට ඇති වගකීම මොනවා වුනත්, අපි ඊළඟ ඡන්දය දිහා බලන්තත් එපැයි. ඔය ඡන්ද ටික නැතිකරගන්න බෑ නොවැ, රටට හෙන ගහලා ගියත්! එකනේ අපට වැදගත් වෙන්නේ!
ඒ කියන්නේ දෙපත් නයි න්‍යාය වගේ නේද මලයා..? බලාගෙන වමාරන්න වෙනකොට කොහෙන් වමාරන්න වෙයිද දන්නේ නැහැ...
ඕන ඔට්ටුවක්... මුන් සේරම එක්ක එකතුවෙලා මේක පරද්දනවා. ඊටපස්සේ ඉතින් බලමු.
උඹල ඕකට සහාය දෙන්නේ නෑ. අපි ඒක දන්නවා. බල පෙරේතයො. ජාතියක් ජන්මයක් නැති මොවුන්ට දියවන්නාව නැත්නම් වෙන ජීවිකාවක් කරන්න උගත්කමක් හෝ හැකියාවක් නැති නිසා ඡන්දවලින් හරි ගොඩගියේ නැත්නම් හිඟානක්න වෙනබව දන්න නිසා අර අයිඑස් හොරාට ද්‍රෝහි වෙන්නෙ නෑ.
රටට වින කටින කෙනෙක්ට එරෙහිව තීරණයක් ගැනීමට තනි තනිව හෝ මන්ත්‍රීවරු ඉදිරිපත් විය යුතුයි
මෙයාල තමයි ඔහුව ආරක්ශා කරන්නෙ. මේගොල්ලො ඡන්දෙ දීමෙන් වැලකී ඉන්නයි ඔය හදන්නෙ.
මේ සැරේ තමයි.... බොරුවට කෑ ගහන කාඩ්බෝඩ් වීරයෝ බලාගන්න පුලුවන්.....
ඇයි බයද ඡන්ද කුට්ටියක් නැති වෙයි කියල. ත්රස්තවාදීන්ට කඩේ යන අයත් ත්‍රස්තවාදියෝ. මේ වගේ කිසි උගත් කමක් නැති අය පාර්ලිමේන්තුවට යවපු එකේ ප්‍රතිඵල තමයි අපි බුක්ති විදින්නේ. අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන් කෝටි ගණන් සල්ලි ගහපු ඒවට කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. නිතිය ක්‍රියාත්මක කරන්නේ අහිංසක පොඩි මිනිහට විතරයි. හොර දේශපාලුවෝ වැජඹෙනවා.
ඔයා කැමති තීරණයක් ගන්න, ඔය ගව මඩුවේ සිටින බොහොමයක් දෙන ගැන ජනතාව තීරණය කරලා තියෙන්නේ මේ වෙනකොට.
ඇමතිතුමනි, අනෙක් අයගේ නෙමෙයි ඔබේ මතය කුමක්ද.
කොහොමත් සහයෝගය දෙන්නේ නැහැනේ.. අපට මතකයි මහබැංකුව කොල්ල කාපු වෙලාවෙත්, අගමැති තුමා ආරක්ෂා කළානේ රට ගැන නෙවේනේ හිතන්නේ... ඡන්ද ගෝනිය ගැනනේද?
හරිම සිම්පල්, ඔබතුමා සහය දෙන්නේ නැහැ. ආණ්ඩුව පරදිනවා නම් ජවිපෙ සහය නැහැ. ආණ්ඩුව දිනනවා නම් ජවිපෙ සහය දෙනවා.
පහුගිය දවස්වල මෙයා දුන්න පඩ් ටෝක් කොහොමද?
මෙයාගේ තීරණය කාටත් හිතාගන්න පුළුවන්. රටද? බඩද? වැදගත් කියල හරියට තෝර ගන්න.
විශ්වාසභංගය ගේන අයගේ ලොක්කද අත්සන් කරලා නැතිකොට මේ අය ගැන කුමන කතාද .
මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි මේකෙනුත් මිනිහ දිනනවා (දැනටමත් දිනලා නොවැ ) ඔය ජාති මාමක දේශප්‍රේමී කියන කට්ටිය බලමු මොකද කරන්නේ කියල
කෙහෙල් කැන වැට පැනලා.
අනිත් එවුන් වැඩක් නේ, උඹ සහයෝගය දිපන් කොන්දක් තියෙනවනම්
විපක්ෂයට ඕනෑ විදියට වැඩ කරන්න අවශ්‍ය නැහැ. අන්තවාදීන් සියල්ලටම කිරිපොවලා ඔවුන්ගෙන් කෝටි ගණනින් මුදල් අරගෙන හිටපු නායකයා මක්කම ඇරියා. මුස්ලිම් ජනතාව බලය තියෙනකොට රූපවාහිනියේ... සජීවීව දවසට පස්වතාවක් වඳින්න සැලැස්සුවා... මේ සේරම කරලා දැන් විශ්වාස භංග ගේනවා. ඕක ගෙනාවා කියලා හොඳක් සිද්ද වෙන්නේ නැහැ... දැඩි නීතිරීති ගේන්න ඕනෑ. 225 මීහරක් රෑනට බලයේ ඉන්නකොට රටට, ජනතාවට මොවුන්ගේ වරදින්, දුක් කරදර දුන්නොත්, විශ්වාස භංගවලින් වැඩක් නැහැ.. මේ පෙරේත ගොටුවට... වෙනම නීතිමාලාවක් හදන්න ඕනෑ. මරණීය දණ්ඩනයට යන තරමට දැන් තියෙන්නේ මොවුන් සේරම ජරාවැඩ කරලා අහුවුණාම අධිකරණය මොවුන්ගේ කකුල් දෙක ළඟට යන්න ඕන සාක්ෂි ගන්න... මුන්ටම ගිය රටක්...
අත්සන් කලේ 60යි නම් වෙන මොන කතාද? ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන සමහර මන්ත්‍රීලා අර දවස් 52 ආණ්ඩුවට රුපියක් ලක්ෂ ගණන් දීලා බාගත්තු වෙලාවේ මෙහෙම විරෝධයක් ඇති නොවෙච්චි එකයි.
වැනෙන තීරණ ඕනේ නැහැ කෙලින් වැඩ කරන්න පුලුවන්නම්.
ජාති ආලේ.. රටට තියෙන ආදරේ රෙද්ද අස්සෙන් පෙරෙනවා..