(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා අද (7) පස්වරුවේ පැවසීය.
සියලුම විශ්වවිද්‍යාලවල පැවැත්වීමට නියමිත තිබූ විභාග දින නියමයක් නොමැතිව කල්දැමූ බවත් ඊට අමතරව විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඒ මහතා කීය.
පිළිකා සහ තයිරොයිඩ් ආදි හැකි ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු රෝග සම්බන්ධ පරීක්‍ෂණ විශ්වවිද්‍යාල පරීක්‍ෂණාගාර තුළ වන බවත් එවැනි දේවල් නැතර වීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් ප්‍රියන්ත මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සදඟා වන අත්පොත සකස් කරමින් තිබුණ ද මේ වන විට එය සකස් කිරීමේ කටයුතු ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප්‍රමාද වියහැකි බවත් ඔහු කීය.
විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම තිබුණ හොත් ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටින බව කී ධම්මික එස්. ප්‍රියන්ත මහතා එම තත්වය මත විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීම ද සිදුනොවන බව ද සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් සහ උප ලේකම් යන කාර්යාල ද වසා ඇති බවත් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද වැඩවර්ජනයක නිරතව සිටීම නිසා ලේඛකාධිකාරී කාර්යල පවා වසා ඇති බවත් ඒ මහතා කීය.
විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව හෙට (8) තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ බවත් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර මහත්තයට මේවා ඔක්කොම නවත්වන්ට පුළුවන්ලු.
මෙච්චර රට උවදුරකට පත්වෙලා තියෙද්දි දින 365යේම පාරෙ උද්ඝෝෂණ කරන්න රජය විසින් මෙවා පවත්වාගෙන යා යුතුද යන්න නිකමට හිතෙනවා .
දෙගොල්ලම අවුරුදු 75 ක් පාලනය කලා කිව්වට රට අගාධයකට වැටීමට මේවා ප්‍රබලම හේතුවක් වෙනවා 53 හර්තාලය ,71 කැරැල්ල ,87-89 කැරැල්ල හා පචමහා බලවේගය නිසා ඇතිවූ අවුරුදු තිහක යුද්ධය එක් අතකින්ද අනෙක් අතින් මෙවැනි උද්ඝෝෂණ වර්ජන හා තර්ජන කිරීම්ද රටේ සංවර්ධනය අඩාල වීමට හේතුවක් වුනා කියලා පැහැදිලියි මේවාට රජයේ ආයතන සදහා බදවා ගැනීමේ පරිපාටි හදද්දී තියෙන අඩුපාඩු නිසා මේවා වෙනවා ඔය කවුරුහෝ ඔය තනතුරු සදහා බලෙන් අරගෙන නැහැ දස අතේ වැදවැටී සේවය සදහා ගියාට පස්සෙ කරන දේවල් තමා .එනිසා දැන්වත් මෙහෙම දේවල් නොවන ආකාරයට බදවා ගැනීමේ පරිපාටි සැකසීම නොපමාව කරන්න ඕන පාවෙන ඡන්ද දායකයින් පිරිසක් ඊළඟට මාලිමාව ගේන්න උනන්දුවක් තියෙනවා එහෙම ආවොත් නම් මෝල් කාන්ති තියරිය අනුව උන්ගෙ ගම්වල සාමාජිකයන්ට නීති සැකසීම නීති ක්‍රියාත්මක කිරීම හා දඩුවම් පැනවීමේ අයිති ලැබෙන නිසා මේවාටත් මොනවාහරි මර්දන කටයුතු නොකරයි කියලා හිතන්න බැහැ
එය නම් විශාල අපරාධයක්
මේ කාලකණ්ණි ආණ්ඩුවෙන් රටට වුණු විනාසයට වඩා නම් මේක ලොකු නැහැනේද?