(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
රුපියල් කෝටි 295ක් පමණ වටිනා එම මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අද(01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු මාර්තු 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.
මෙම මත්කුඩු තොගයේ ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් පස්දෙනා ඩුබායිහි සැඟවී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔවුන් පස්දෙනාටම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම මත වරෙන්තු නිකුත් කළ බවත්, ඉදිරියේදී ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන්ට නිල නිවේදන ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මහා මොළකරුවෝ මොවුන්ද? අපි නම් විශ්වාස කරන්නේ මහා මොළකරුවෝ මොවුන් කියලා, ඒ කවමදාවත් නම් ප්‍රසිද්ධ වුනේ නැහැ කියලයි අපි. හිතන්නේ ඒවා රාජ්‍ය රහස් නේද?
මෙහෙම කාලකණ්ණින්ට මහ මොලකරු කියන්න එපා. මේ අය මහ තක්කඩි...
නිතරම කුඩු තොග ඇල්ලුවහම කියන්නේ මේවට වගකියන්න ඕනේ කොස්ගොඩ සුජි , මදුෂ් , කන්චිපනි ඉම්රාන් , අංගොඩ ලොක්ක , වැනි එමිරේට් රටේ හැංගිලා ඉන්න මිනිස්සුන්ගේ නම් නමුත් මේ වනතුරු ලංකාවේ පොලිසිය මොවුන්ට ලංකාවේ අධිකරණ වල තිබෙන වරෙන්තු ඉන්ටෙර්පොල් හරහා එමිරේට් රටට භාරදීමට කටයුතු කර නැහැ , හැමදාම කියන්නේ භාරදීමට කටයුතු කරනවා කියල පමණි , දැනට පොලිස් දෙපාර්තමේන්තුව තිබෙන්නේ ජනාධිපති තුමා යටතේ , කුඩු ජාවාරමට විරුධව දේශීයව සහ විදේශීයව ප්‍රසිධියේ කතාකරන එතුමා වත් පොලිසියට නියෝග කර නැහැ මෙම වරෙන්තු නීත්‍යනුකූල එම රටවල් වලට භාරදෙන්න කියල , එම නිසා මට සාධාරණ සැකයක් ඇතිවෙනවා මෙම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ලොකු දේශපාලකයන්ගේ සහ ඉහල පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය තිබෙනවා කියල , සමහරවිට ඔවුන් පතල නායකයන්ගේ නම් භාවිත කරමින් තනිවම මෙම ජාවාරම කරගෙන යනවා ඇති , එහෙම නැත්නම් පාතාල නායකයන් කරන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් මොවුන්ට කොමිස් එකක්ක ඇති
මේ අපරාධ කරුවෝ (මදුෂ්, කන්චිපාන ඉම්රාන්, අංගොඩ ලොක්ක) වැනි පුද්ගලයන් අපෝස / සාපෙළ වත් සමත් නැති පුද්ගලයන්..., මෙම විශාල ජාවාරම් මෙහෙයවන්නේ අනිවාර්යයෙන්ම තිරය පසුපස සිට වෙනත් පුද්ගලයන්.. ඔවුන්ගේ නම් ලංකාවේ ප්‍රසිද්ධ වුණාම ඔවුන් මෙහෙට දුරකතනයෙන් කතාකර කප්පම් ගැනීම්, කුලියට මිනීමැරුම් කොන්ත්‍රාත් ගැනීම වැනි අපරාධ කරනවා.. මොවුන් පිටුපස ඉන්න පුද්ගලයාට හෝ පුද්ගලයන් කණ්ඩායමට ලංකාවේ විශාල දේශපාලන, මුදල් බලයක් තිබෙනවා. ඔවුන් උගත්කම අතිනුත් ඉන්නේ ඉතා ඉහළ තලයක... එමනිසා ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවල මොනවා කිව්වත්, ලංකාවේ ආණ්ඩුව හරහා මෙම අපරාධකාරයෝ ගැන ඉන්ටර්පෝල් එකට දැනුම්දීමක් සිදුවෙන්නේ නැහැ.
මහමොලකරුවන් ඉන්නේ දියවන්නාවේ. කුඩා මොළ කරුවෝ තමයි මේ. මදුෂ්ට දුන්නේ නැති ඉන්ටර්පෝල් වරෙන්තු මෙයාලට දෙයිද? ඩුබායි පොලිසිය දන්නවද මදුෂ්, කන්ජිපානි ඉම්රාන් කියන්නේ මෙහෙ පාතාලයෝ කියලා තවම දන්නවද කියලවත් සුවර් නැහැ.
අට පාස් නැති අපරාධකාරයෝ අතලොස්සක් එම්රේට් රටේ ඉඳගෙන මාසෙකට ලංකාවේ මිනිස්සු 10-15 මරනවා නම්, කෝටි 200-300ක මුදලක් කප්පම් වශයෙන් ගන්නවා නම්, කුඩු ටොන් එකක් විතර බිස්නස් කරනවා නම්, පොලිස්පති ප්‍රමුක පොලිස් නිලධාරීන්ට මේක නවතන්න බැරිනම්, පොලිස්පති සහ නීතිය සහ සාමය භාර ඇමති ඉල්ලා අස්විය යුතුය...