(ඩයනා උදයංගනී සහ රංජන් කස්තුරි)
තැපැල් කාර්යාල මගින් ගෙවීම් කරන විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමනා ලබාගන්නා අයට මැයි මසට අදාළ දීමනා ලබාගැනීම සඳහා තැපැල් සහ උප තැපැල් කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා විවෘත කර තබන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඒ අනුව විශ්‍රාම වැටුප්, ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමනා ලබාගන්නා අයට තම විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි ධීවර විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, වැඩිහිටි හෝ මහජනාධාර ගෙවීම සඳහා ලබාදී ඇති හැඳුනුම්පත ඉදිරිපත් කර තැපැල් කාර්යාල වෙත පැමිණීමට පමණක් අවසර හිමිවන බව ද තැපැල්පතිවරයා සඳහන් කරයි.
කොවිඩ් 19 පාලනය සඳහා වන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය පරිදි මෙම පියවර ගෙන ඇති බවත්, ප්‍රවාහන අපහසුතා හේතුවෙන් කිසියම් තැපැල් කාර්යාලයක් විවෘත කර නොතිබුණොත් 1950 කෙටි දුරකතන අංකයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිමඩ තැපැල් කාර්යාලය වසා දමා ඇත. කිසිම නිලධාරියෙක් නැහැ. 1950 අංකයට සම්බන්ධ වූ විට පිළිතුරක් නැත. කාටද මේ වේදනාව කියන්න. දුප්පතුන් සැමවිටම කරදරයට පත්වේ.
අනේ ඔය මහජන ආදාරටික ගෙවල්වලටම ගෙනත් දෙන්න අසරණ මිනිසු පාරේ පයින් යවන්න එපා