IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විවාහක මිහිතල රැජින කිරුල සශ්මිට

(සමන්ත යහම්පත්)

පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Earth international - 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය.

ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් අනුතරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම  විශේෂත්වයකි. එවැන්නක් සිදු කළ මෙරට පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට  එක්වන්නීය.

මෙහිදී ඇය Mrs Earth best in catwalk"Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.

පිලිපීනයේ මැනිලා නුවර  Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs.Earth international - 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි.

කොළඹ ගේට්වේ ජාත්‍යාන්තර විදුහලේ අධ්‍යාපනය ලැබූ සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන මහත්වරු කටයුතු කළහ.

ලෝක විවාහක මිහිතල රැජින ‘‘Mrs.Earth international‘‘ කිරුල දිනූ සශ්මි ජයග්‍රහණයෙන් පසු පැවැසුවේ මෙවැනි අදහසකි.

ඔබේ සිහින සැබෑවන තුරු මහන්සි වී වැඩකරන්න, අද මම ඒ සතුට භුක්ති විඳින්නේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි.පෘථිවි පවුලේ  කොටසක් විම මගේ සතුරයි.  එය ඒතරම්ම මට ආශිර්වාදයක්. මගේ ජාතික පුහුණුකරු නර්තන ශිල්පී රුක්මාල් සේනානායක මහතාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මම අද කවුරුන්ද යන්න ලොවට කියා දෙන්න මාව ඒ තත්ත්වයට ගේන්න ඔහු කළ උපරිම කැපවීම ගැන කියන්න වචන නැති තරම්.  හැමවිටම මගේ පිටුපසින් සිටිමින් මට ශක්තිය දෙන ආදරණීය සර් රුක්මාල්ගේ සහාය මට ලෝකයක් වුණා. මේ කිරුළේ අභිමානය මගේ රටට හා මගේ සර්ට හිමි විය යුතුයි.



අදහස් (4)

විවාහක මිහිතල රැජින කිරුල සශ්මිට

Anton Narangoda Tuesday, 25 July 2023 08:48 AM

සුබපැතුම්.... නියමයි... !

:       0       0

Bunny Preena Tuesday, 25 July 2023 09:44 AM

සුබ පැතුම්...!

:       0       0

Dilani kumari warnasooriya Tuesday, 25 July 2023 12:42 PM

ඇත්තටම හොදයි එය ගොඩක් ලසනයි මගෙ පුංචි රටෙ විවාහක මිහිතල රැජිනක් අපටත් ඉන්නව කියන එක . ඔයාගෙ ලස්සන තව තවත් වැඩිවීම සශිමි නංගි. ඔයාට බුදුසරණයි.

:       1       9

නිහාල් Tuesday, 25 July 2023 02:19 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් රැජින කිරුළ ෂලනිට..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site