IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග

(කේ. බුද්ධික කුමාරසිරි)

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත්  සුදත් කිත්සිරි කුමාර හෙවත් "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත්  බස් රථ පහක් , මෝටර් රථයක් සහ යතුරු පැදියක් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (21) දින නියෝග කලාය

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් මෙම රථ වාහන අත් අඩංගුවට ගෙන තිබුණි

එම වාහන තහනමට ලක් කිරීම  සම්බන්ධයෙන් වර්ෂ 2024 පෙබරවාරි මස 17හෝ ඊට නුදුරු දිනකදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමකින් පසු අදාළ රථ වාහන අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින්  නියෝගයක් ලබා දී තිබුණි

පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සුදර්ශණ සිල්වා හෝමාගම මහාධිකරණය වෙත කරුණු දැක්වීමකින් අනතුරුව අදාල නියෝගය බල රහිතකරන ලෙස එවක හෝමගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් නියෝගයක් ලබා දී තිබුණි

ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත නිදහස් කර තිබූ වැලි විට සුද්දා නමැත්තාට අයත් බස් රථ මෝටර් රථය සහ යතුරුපැදිය යළි නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට ගෙන තිබුණි

මෙම රථ වාහන සම්බන්ධයෙන්  මුල් අවස්ථාවේ දී ලබා ගත් තහනම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය හෝමාගම මහාධිකරණ මගින්  තවදුරටත් දීර්ග නොකිරීමට  මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඉර්ෂඩීන් මහතා නියෝගයක් ලබා දී තිබූ අතර අදාල නියෝගය මහේස්ත්‍රාත්වරිය විසින් සලකා බලා මෙලෙස එම රථ වාහන මුදා හැරීමට නියෝග කළාය

තම භාරයේ තිබෙන බස් රථ පහ මෝටර් රථය සහ යතුරුපැදිය වාහන බැදුම්කරයක් මත මුදා හරින ලෙසට නීති විරෝධී වත්කම් කොට්ඨාසය  විසන් ඉල්ලීමක් කල අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප  කරන බවට මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නීතිඥවරුන් විසින් විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ



අදහස් (0)

’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site