IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙලෝනා නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී

ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලු‍ම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයන් අතර විශ්වසනීය වෙළෙඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt.) Ltd.හි සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා සහභාගි විය. තව ද Thread Works (Pvt.) Ltd.හි නිලධාරීන් සහ ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ සහ Melsta Healthහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

“ශ්‍රී ලංකාවේ විශ්වසනීයම සන්නාමයක් ලෙස අපගේ ප්‍රමුඛ අරමුණ වන්නේ මවුපියන්ට මෙන්ම ළදරුවන්ට අවශ්‍ය සුවපහසුව රැගත් නිෂ්පාදන තිළිණ කිරීමයි. සියවසකට ආසන්න කාලයක් පුරා කාන්තා හා ළමා සෞඛ්‍යය වෙනුවෙන් ඇපකැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක් වන ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල, අපගේ නවතම නිෂ්පාදන අලෙවි ශාඛාව විවෘත කිරීමට සුදුසුම ස්ථානයක් බව අප විශ්වාස කරනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ පැතිරීමත් සමග, අපට වැදගත් වනුයේ පාරිභෝගික ආරක්ෂාවයි. මෙම නවතම අලෙවිසල හරහා අපගේ පාරිභෝගිකයන්ට කිසිදු ගැටලු‍වකින් තොරව, ඉතාමත් කඩිනමින් තමන්ට අවශ්‍ය නිෂ්පාදන ආරක්ෂිතව මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා.” යනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූ Thread Works (Pvt.) Ltd. සභාපති, ආචාර්ය ගෙහාන් ද සොයිසා මහතා පැවැසීය.

මෙම නවතම අලෙවි ශාඛාව Velona Clothing සන්නාමය යටතේ විවෘත කළ තෙවැනි අලෙවි ශාඛාව වන අතර, අනෙකුත් ශාඛා කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණය තුළ සහ මොරටුව ප්‍රදේශයේ පිහිටා ඇත.



අදහස් (0)

වෙලෝනා නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site