(ප්‍රියන්ත දසනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනනවා පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම 4.39 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර වෙඩි ප්‍රහාර හතක් එලෙස එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකළ විමර්ශන වලදී ටි 56 ගිනිය අවියකින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
(ඡායාරූපය-ප්‍රියන්ත දසනායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු නාට්‍ය..
අර කලින් පැහැරගැනීමේ මාලිමා නාට්ටිය චොර උන නිසා අලුත් පිටපතකට තවත් නාට්ටියක් ගහල වගේ. දැන් නම් ඉතින් කලින් වෙච්ච ගොන් වැඩේ මාට්‍ටු නිසා කොච්චර කරත් වැඩක් නෑ.
වැලිගම නාටකයේ 2වන ජවනිකාවද? අර අතුරුදන්ව සිටි මුහුදු වෙරලෙන් හමුවූ කුරුලු ජෝඩුවත් මේකට සම්බන්ධද?
දැන්වත් ආන්ඩුවට ඇස් ඇරුණොත් හොඳයි...
පළාත් පාලන පනතට අනුව ඒවායේ සභිකයො මිස මංත්‍රීලා නැහැ. ගම්සභා තිබුණු කාලයේ ඔවුන්ට මැම්බර් කියන වචනය මුලට දමා නමේ අගට මහත්තයා කියලත් ඇමතුවා..