
තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණියේය.
රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද්‍යාඥයන් කල් කියා පැවැසීමත් සමඟ වල්ගා තරුව දැක ගැනීමමට ලොකු කුඩා කවුරුත් උනන්දු විය.
වසර 50,000 කට වරක් දකින්න ලැබෙන මෙම වල්ගා තරුව, අද (1) සහ හෙට (2) පෘථිවිය සහ හිරු අතරින් ගමන් ගමන් කරනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මීට පෙර මෙම වල්ගා තරුව පෘථිවිය අසලින් ගියේ නියැන්ඩතාල් මානවයන් පෘථිවියේ සිටි කාලයේය.
වල්ගා තරුව පෘථිවිය අසලින් යනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 42 ක දුරකන් යැයි ද නාසා විද්‍යාඥයෝ පවසති. වල්ගා තරුව පැහැදිලිව දකින්න ලැබෙනු ඇත්තේ උතුරු අහසේ අලුයම් කාලයේය. ලබන පෙබරවාරි 10 වැනිදා වනවිට වල්ගා තරුව අඟහරු ග්‍රහයාට සමීප වීමට නියමිතය.
මෙම කොළ පැහැති වල්ගා තරුව පළමුවෙන් සොයා ගත්තේ 2022 මාර්තු දෙවැනිදාය. වල්ගා තරුව සොයා ගැනීමට සමත් වූයේ ‘ස්විකී ට්‍රාන්සිස්ට්’ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන්ය. කැලිෆෝනියාවේ පැලොමාර් කඳුකරයේ ඉදි කළ කැල්ටෙක් දුරේක්ෂය හරහා වල්ගා තරුව නිරීක්ෂණය සිදුවිය.
වල්ගාතරුවක් යනු කිලෝ මීටර් ගණනක විෂ්කම්භයක් ඇති දූවිලි අයිස් බෝලයකි. වල්ගාතරුවක් තුනී වායු වැස්මකින් ආවරණය වී ඉතා කුඩා අංශුවලින් සෑදී ඇත. ප්‍රමාණයෙන් විශාල වල්ගාතරුවකට හිසක් ද, සංඝටක කොටසක් හෙවත් න්‍යෂ්ටියක් ද, පිටතට විහිදෙන දිගු වල්ගයක් ද ඇත. කුඩා වල්ගාතරුවලට වල්ගයක් නැත. වල්ගා තරුවක වල්ගය සැමවිටම පිහිටන්නේ හිරු දෙසට නොව; හිරුගෙන් විරුද්ධ දෙසටය.
වල්ගාතරු දකින්න ලැබෙන්නේ නියමිත කාලයකට වරකි. හිරුට ළං වෙද්දී, වල්ගාතරුවේ වේගය පැයට කිලෝ මීටර් මිලියන දෙකක් පමණ වෙයි. හිරුගෙන් ඈතට යද්දී, වල්ගාතරුවේ වේගය අඩාල වෙයි. ඒ, පැයට කිලෝ මීටර් 100 ක් දක්වාය.
වල්ගාතරුව වැඩි කාලයක් ඈත විශ්වයේ සෙමින් ගමන් කරන්නේ මේ නිසාය. පෘථිවිය අසලට ආ ‘සී/2022ඊ3’ වල්ගා තරුවේ හිස කොටස කිලෝ මීටර් 1.6 ක විෂ්කම්භයකින් යුක්තය. එහි වල්ගය කිලෝ මීටර් මිලියන ගණනක් දුරට විහිදෙන බව නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1985 හෝ 1986 කාලයේ පෑවූ හේලිගේ වල්ගා තරුවට තිබුන නම කියන්න පහසුයි නමුත් මේකට තියෙන නම මහ විකාරයක් කියන්න පුළුවන්
අගහරු වලට Package එකක් තියනවා. කූරියර් ගාස්තු කොහොමද දන්නෑ නේද..