
( විනීතා එම් ගමගේ)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට හා නිලධාරියෙකුට කොවිඞ් 19 වයිරසය ශරීරගත වී ඇතැයි බන්ධනාගාර මුලස්ථානය කියයි.
එහි රැඳවියන් දෙදෙනෙක්, කාන්තා අංශයේ රඳවා සිටි සැකකාරියන් සිව් දෙනෙක්, හා නිලධාරියෙකු මෙසේ ආසාදනය වී ඇතැයි සහකාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
රැඳවියන් හයදෙනා ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත යැවූ බවත් නිලධාරියා අයිඩීඑච් රෝහල වෙත යැවූ බවත් ඒකනායක මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිත සිරකරුවන් සියලු දෙනා පීසීආර් පරික්ෂණ සඳහා යොමු කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ දුමින්ද මහත්තයට කොරෝනා හැදෙන්න කලින් ඉක්මනින්ම නිදහස් කරන්න හලෝ. එතුමාගෙන් කුරා කුහුඹුවෙක්ටවත් හානියක් වෙලා නෑ හලෝ. මම කිව්ව දේට ඇවන්ගාඩ් සේනාධීපති මහත්තයා සාක්ෂි හලෝ. අපේ පවුලම මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න මූලික හේතුවක් ඕක හලෝ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් තීන්දුව දීපු එක වෙනම දෙයක් හලෝ.
දැන් අපේ රටෙ හැම බම්බුවකටම චීනෙක් නැතුව බෑ වගේ ... ඔය කෙහෙල්මල ශ්‍රී ලංකාවට ආනයනය කළේ මොන රටකින්ද? ඔය යන්තරෙ මිලදී ගන්න කොට ඒකෙ නඩත්තුව සදහා අපේ රටෙ කාර්මික නිලධාරියෙක් එරටට යවා නඩත්තු පුහුණුවක් දුන්නේ නැද්ද? ඒක විකුණපු රට මගින්... ඒක සමහර විට එම රටෙන් ගහපු ගැටයක් වෙන්නත් බැරිද?
මෙ අය මොන පොකුරෙද?
මෙ අයත් මිනුවන්ගොඩ පොකුරෙ අයද? කොහොමද වැලිකඩට කොරෝනා ආවෙ?
සියලුම දෙනා මිනිස්සු....
මම හිතන්නෙ මෙ ගොල්ලන් මාලු කඩෙ පොකුරට දාමු.