IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වේලක් ඇර වේලක් කන්නේ හිතවතුන් දුන්නොත් විතරයි‘

( නිමල් ජයරත්න )

‘මගේ මහත්තයා හෘද රෝගියෙක්, මම පිළිකා රෝගියෙක්, මට ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්නවා, මේ ජීවත්වෙන කටු  මැටි පැලට ලයිට් වතුර මොකුත් නෑ, අපිට අහල,පහල, හිතවත්තු යමක් දුන්නොත් තමයි වේලක් හරි, හරියට කාලා ජීවත් වෙන්නේ, මගේ දරුවන් දෙන්නා ඉගෙන ගන්න හරි දක්ෂයි. ඒත් ඒ අයට අවශ්‍ය  දේවල් අරන් දෙන්න තරම් අපිට කොහෙත්ම වත්කමක් නෑ, කුඹුරු ඉඩම් නෑ, බුදුබව අත්වෙයි මහත්තයාගේ සැත්කම කරන්න රුපියල් ලක්ෂ එකහමාරක් යනවා, ඒක තව මාසයක් ඇතුලත කරගන්න ඕන කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ, පුළුවන්නම් මගේ මහත්තයාගේ සැත්කම කරන්න මට උදව්, උපකාර කරන්න‘

යයි වැලිකන්ද සුසිරිගම ගම්මනයේ කටුමැටි පැලක ජීවත්වෙන පිළිකා රෝගීයෙකු වන 33 වියති එස්,ඒ, ඉනෝකා දිල්රුක්ෂි මහත්මිය හැඬූ කඳුළින් එලෙස සඳහන් කළාය,

සුසිරිගම කාරුණික මිනිසුන්ගේ ශක්තියෙන් ජීවිතය ගැටගසා ගන්නා මෙම අසරණ පවුල සඳහා ස්ථිර නිවසක් නොමැති අතර  පානීය ජලය සහ විදුලියද නොමැත,

අසල ඇළකින් පානීය ජලය සපයා ගන්නා මෙම දරු පවුල රාත්‍රී පහන් කරන්නේ කුප්පි ලාම්පු ආලෝකයෙනි.
සෙවණපිටිය මහා විද්‍යාලයේ අටවසරේ ඉගෙනුම ලබන හර්ෂ උදයකුමාර හා ඔහුගේ සොයුරු මනුක යොහාන් සුසිරිගම ප්‍රාථමික   විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපන ලබන්නේ බොහෝ අඩුපාඩුකම් මැද්දේය.

තම රෝගී මව්පියන් නිසා හරි, හැටි කෑමක්, බීමක්, නොමැතිව ජීවිතය ගතකරන මෙම දරුවන් දෙදෙනා ඉගෙනීමට දක්ෂ වුවද ඒ සඳහා බොහෝ විට උදව් උපකාර කරන්නේ ගම්මානයේ කිහිපදෙනකු සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ය,

කිසිදු රැකියාවක් කිරීමට නොහැකිව නිවසේ රෝගාතුරව කාලය ගතකරන මෙම මව්පිය යුවළගේ එකම සිහිනය වන්නේ තම දරුවන් දෙදෙනාට අධ්‍යාපන ලබාදී ලොකු මහත් කරමින් අනාගතයේ කුමන හෝ රැකියාවක් සඳහා යොමු කිරීමටය,

එහෙත් ඒ සියල්ලන්ටම ආර්ථිකය හරස් වී හමාරය,බොහෝ අඩුපාඩුකම් මැද කටුමැටි පැළක රෝගාතුරව දිවිගෙවන මෙම මවුපිය යුවළ තම දුක්ගැනවිල්ලක් මෙලෙස වචනවලට පෙරලුහ,

අනේ මහත්තයෝ අපි දෙන්නම රෝගීන්, මම හදවත් රෝගියෙක්, නෝනා පිළිකා රෝගයකින් පෙළෙනවා, මගේ හදවත් සැත්කම   මාසයක් ඇතුළත කර ගන්න රුපියල් ලක්ෂ එකහමාරක් ඕනේ, මගේ නෝනට පිළිකාවක් තියෙනවා බේත් හේත් ගන්න මුදල් නෑ, දරුවන් ඉස්කෝලේ යවන්ඩ විදිහක් නෑ, අහල පහල කීපදෙනෙක් එකතු වෙලා කෑමක් බීමක් දුන්නොත් විතරයි අපේ බඩකට පිරෙන්නේ, ඉතින් මම ඉල්ලා සිටින්නේ මගේ මේ හදවතේ සැත්කම් කරගන්න රුපියල් ලක්ෂ එකහමාරක් ලබාදුන්නොත් මගේ හදවතේ සැත්කම කරගන්න පුළුවන්, ඉතිං පුළුවන් විදිහට මටයි, නෝනටයි, දරුවන්ගේ ජීවිත ගොඩ ගන්නත් උදව් උපකාර  කරන්න බුදුබව අත්වෙයි මහත්තයෝ,, රෝහණ ධර්මසිරි ද සිල්වා හැඬූ කඳුළෙන් එලෙස දුක්ගැනවිල්ල හමාර කළේය.

 එස්.ඒ. ඉනෝකා දිල්රුක්ෂි අංක 869 සුසිරිගම, වැලිකන්ද යන ලිපිනයට හෝ 0729283499 දුරකතන අංකය ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගතහැකි බව ඔවුහු කියති.

 



අදහස් (4)

‘වේලක් ඇර වේලක් කන්නේ හිතවතුන් දුන්නොත් විතරයි‘

janahitha Tuesday, 11 July 2023 03:25 PM

ඇපි අපේ අයට උදවු කරමු. ලිපිනය පල කරන්න . වෛද්‍ය ප්‍රතිකාර සදහා උදවු කල හැකි අදාල ප්‍රදේශයේ ප්‍රදේශිය ලෙකම් තුමා මැදිහත් වෙනව නම් යෙහෙකි

:       0       3

pakeer Tuesday, 11 July 2023 04:08 PM

දානපතියන්ගෙ ඇස් ඇරෙවා. මොවුන් ක්‍රිස්තියානි උනා නම් අනිවාර්යෙන් මොවුන්ට ලොකු උපකාර ලැබෙනව..එත්. බුද්ධාගමෙ ඉන්න දානපතියො මෙ වගෙ අයට උඩවු කරන්නෙ හරි අඩුවෙන්..ඔවුන් උදව් කරන්නෙ පන්සල් වලට විතරයි.

:       0       1

Janaka silva Wednesday, 12 July 2023 12:40 AM

මමත් පුළුවන් උදව්වක් මේ අයට කරන්නම් ගිනුම් අංකයක් දාන්න

:       0       3

Dimuthu karunarathne Wednesday, 12 July 2023 03:55 PM

ගිණුම් අංකයක් දාන්න...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site