
(නිමල් ජයරත්න)
පොලොන්නරුව මහවැලි බී කලාපයේ වැලි ජාවාරම් නිසා ගංගා, ඔයවල්, ඇල පද්ධති විනාශ වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
නීති විරෝධී වැලිගොඩ දැමීම නිසා පරිසරයටත්, ගං ඉවුරුවලට මෙන්ම ,ඇළවේලි පද්ධති සෝදා පාළුවට ලක්ව රූස්ස ගස් පවා විනාශවී ඇත.
සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන්, ඉවක් බවක් නොමැතිව, 503 කලාපයට අයත් කුඩාඔය, මාදුරුඔය, වඩ්මුනේ, මාදුරුඔය දකුණු ඉවුර, බෝවත්ත, මොනාරතැන්න,මනම්පිටිය යන ප්‍රදේශවල දේශපාලන රැකවරණ මැද මහාපරිමාණ වැලි ජාවාරම සිදුවන බව ද පරිසර සංවිධාන පෙන්වා දෙති.
යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ගංගාවලින් සහ ඇළවේලිවලින් දිවා රාත්‍රී වැලි ජාවාරම හේතුවෙන් වන සතුන් ද දැඩි බියට පත්ව ගම්වදින බවත් ඇළවේලී, ගංගා ආශ්‍රිත අහස උසට වැඩුණු කුඹුක් ඇතුළු වටිනා රූස්ස ගස් විනාශ වී ඇතැයි පරිසරවේදීහු ප්‍රකාශ කරති.
මනම්පිටියේ සිට කරපොල දක්වා කිලෝමීටර් 44 ක් දුරට අලි අගල් කපන මුවාවෙන් වැලි හා පස් ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශයේ ගොවි සංවිධාන සඳහන් කරති.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් නොතකා, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව මෙම වැලි ජාවාරම සිදු කිරීමට අඩි දහයක් යටට අගල කපා එම වැලි හා පස් සෝදා විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් අඩි දහයක් යටට කපන වලවල්වලට වන සතුන් වැටී ඔවුන්ගේ ජීවිත අනතුරට පත්වන බව ද පරිසරවේදීහු , පෙන්වා දෙති.
අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් ගෙන් කල විමසීමකදී ඔවුන් සඳහන් කළේ තම උපදෙස් නොතකා වැලි ලබා ගැනීමේ මුවාවෙන් එම ජාවාරම්කරුවන් විසින් සිදු සිදුකරන බවත් මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් කිරීම්ට කටයුතු කරන බවයි



2025 දෙසැම්බර් මස 18
253
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි නිසා වැනසෙන පොලොන්නරුවේ වන සම්පත
ගජමිතුරු Thursday, 17 February 2022 08:35 AM
හැමතැනම කුම්භකර්ණයින් රජවෙලා... ඉතින් මෙහෙම නොවෙයිද අපේ හාමුදුරුවනේ?
sharm warn Thursday, 17 February 2022 12:00 PM
දේශපාලන රැකවරණ සහිතව .ඔව් එහෙම තමයි ඒ වැඩ වෙන්නේ.ඇයි අවුල්ද?