IMG-LOGO

වල් අලියෙකුගේ පහරින් පුද්ගලයෙක් මරුට

(අතුල බණ්ඩාර)

තන්තිරිමලේ මහ සියඹලාගස්වැව ප්‍රදේශයේදී අද (02) වල් අලියෙකු පහරදීමෙන් 47 හැවිරිදි  පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි තන්තිරිමලේ පොලිසිය පැවසීය.

 ආර්.එම්. ගාමිණී දිසානායක නැමැති මියගිය මේ පුද්ගලයා මහ සියඹලාගස්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු අද(02) පෙරවරුවේ මහ සියඹලාගස්වැව ට යාබද හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි සිය ඥාතියෙකුගේ අවමගුලකට සහභාගිවීම සඳහා බිරිඳ හා දරු දෙදෙනා සමග අතුරු මාර්ගයක යන අතරතුරදී මහ සියඹලාගස්වැව සුසාන භූමිය අසලදී ඔවුන් ඉදිරියට කඩාවැදුණු වල්  අලියෙකු ඔහුට පහරදී තිබෙන බව තන්තිරිමලේ පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මේ අවස්ථාවේ ඔහුගේ බිරිඳ ,දරු දෙදෙනා සමග දිව ගොස් සැඟවී දිවි බේරාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

තන්තිරිමලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කරයි  

 



අදහස් (1)

වල් අලියෙකුගේ පහරින් පුද්ගලයෙක් මරුට

kapila Wednesday, 02 June 2021 12:41 PM

කමක් නැහැ ඉතින්... මොහු ගමක ජීවත්වුණු තැනැත්තෙක්නේ. මේවගේ දේවල් නගරවල ඉන්න උදවියට වෙන එක නම් හොඳ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site