(සනත් ගමගේ)
හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට විය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී ඇත.
ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඈත ගම්මානවල වෙසෙන අහිංසක මිනිසුන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ..? ඒ ගම්වල මිනිසුන්ගේ ජීවිත, නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?
අලින්ට නෙමෙයි වෙඩි තියන්න ඕනේ. අලින්ව ඔය තත්වයට ඇදලා දාපු හම්බන්තොට දේශපාලුවන්ට.
මහ රජාගේ, පොඩි රජාගේ, යුවරජාගේ ලොකු ලොකු සාට ඇමැතිලාගේ ගම නේද මේ...?
ඉක්මණට අලියාව හොයලා නිරෝධායනයට යවන්න වෙයි...