(අංජුල මහික වීරරත්න)
වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් මේ වසරේ ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
තිරණාගම, දකුණු උඩප්පුව, උතුරු උඩප්පුව, නින්දවූර්, සයින්දමර්දු, මූතූර්, වත්තල, මැඩිහ, කොලින්ජාඩිය සහ කොරළවැල්ල යන වෙරළ තීරයන් ආරක්ෂාවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 623ක ප්‍රතිපාදන ඉල්ලා තිබේ. දැනටමත් ඉන් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන්ව ඇතැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර ගොඩනැගිලි ඩෝසර් කරන්න.