(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම  පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  එම කොමිසමට   සිය ප්‍රශංසාව පළ කළේය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් ප්‍රතිචාර දැක්වූ බව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 19 වැනිදා රැස්වූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.