(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මෙය ශ්‍රී ලංකා ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නොවන බව පැවසූ දිසානායක මහතා චීන ලෝක දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බවද ප්‍රකාශ කළේය.
ලෝක බල කඳවුරුවල ගොදුරු බවට පත් නොවී අප අපගේ උපාය මාර්ග සැලසුම් කළ යුතු බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ ඔබතුමා හොඳයි කියපු එක දෙයක් කියන්න තියනවා නම්. අධිවේගේ හදනකොට මිනිස්සු නොමග යවන්න කියන්න කිසිම දෙයක් නැති තැන රාජපක්ෂලා ඇඹුල් තියල් ගෙනියන්න හදනවා කිව්වා. පුලුවන් නම් විවේචනය විතරක් නොකර ඒ ආයෝජනය ගේන්න ප්‍රායෝගික විකල්පයක් යෝජනා කරන්න. නිකන් ඔබ කියන ඕන බොරුවකට එහෙයි කියන වහල්ලු ටික විතරයි ඕවාගෙන් පිනවෙන්නේ. බුද්ධිමත් මිනිස්සු නම් ඔබ කියන දේවල් තවදුරටත් අහන්නේ නෑ.. මේ රටේ මිනිස්සුන්ට ඒවා මතකයි. තවදුරටත් ඔබ කියන දේවල් අවදානය යොමුකළ යුතු දේවල් නොවේ. ඡන්ද පදනමෙන්ම ඒක පැහැදිලියි. අපි ආදරේ කරපු පක්ෂය කෑවා..
මරු බඩුව ස්වාධිපත්‍යය ගැන කතා කරන්න. යහපාලනේ ඉන්නකොට ඔය ස්වාධිපත්‍යය කොහේද දන්නේ නැහැ තිබුණේ...?
හොද වෙලාවට 78 මහ කොලඹ ආර්ථික කොමිසම පනත ගෙනනකොට මොවුන් නොසිටිසේ.නැතිනම් අදටත් අපේ රට අත දිලිදු රටක්
අනේ බොරු කියන්නේ නැතිව ඉන්න
මහත්තයෝ, දැන් මේක දිළිඳු රටක් නොවේද? දැන් ඉතියෝපියාව, උගන්ඩාව අපිට වඩා ඉස්සරහින් ඉන්නේ...
රටට වැඩිය බඩ ගැන හිතන ජනතාවට ඕවා කියලා වැඩක් නැහැ. බයියන්ට ඕන රටක් නෑ. එයාලට ඕනෑ රාජපක්ෂලාගේ දෙන දෙයක් කාලා ඉන්න විතරයි. දැන් ඉතින් හැමෝම චීන භාෂාව ඉගෙන ගනිමු.
රට පෙරට බම්බුව තමයි... රට පෙරට කෙසේවෙතත් රට ආපස්සට ගෙනියන කෙනෙක් මේ..
ගලපාර, ඔයා එකතැනම ඉන්න හින්දා මොලේ පාසි බැඳිලා... පෙරළෙන ගලක් වෙන්න බලන්න.