(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා නිලධාරින් කැනිම් කර මතු කරගත් දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට යාමේදි එල්ලවු විරෝධතාවයක් මත අද (24) එහි ගිය ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා එම සංරක්ෂණ කටයුතු ජුනි 10දා දක්වා තාවකාලිකව නැවැත්විමට පියවර ගනු ලැබිය.
මෙම ඉපැරණි දාගැබ මතුපිට කෝවිලක් තිබු බවට එල්ලවු විරෝධතාවය මත දැනට එහි සංරක්ෂණ කටයුතු නැවැත්විමටත් ඒ සම්බන්ධයෙන් සොයාබැලිමට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් පි.බි.මණ්ඩාවල මහතාට දුරකථනයෙන් දැනුම් දිමටත් කටයුතු කළේය.
එහි රජමහා විහාරාධිපති අංපිටියේ සීලවංශ තිස්ස හිමි හින්දු පූජකවරු සහා ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතාද එක්වි සිටියහ. උණුදිය ලිං පරිශ්‍රය ඇතුලු උණුදිය ලිං රජමහා විහාරය සහිත අක්කර අටක භූමිය තමන්ට අයත්බව කියමින් කාන්තාවක් එම ස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට බැන වැදි තර්ජනය කිරිමත් සමග තත්වය තරමක් උණුසුම් විය.අනතුරුව දිසාපතිවරයා එයට නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි කාන්තාවට පවසා සිද්ධිය සමතයකට පත් කළේය.
සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ ඒ.එච්.ඒ.සුමනදාස මහතා පැවසුයේ මෙම පරිශ්‍ර ය 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් දාගැබ, පිළිම ගෙය,ඇතුලු උණුදිය ළිං පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කර ඇති බවයි.
මීට වසර තුනකට පෙර දාගැබේ කැණිම් කරද්දි මෙම විරෝධතාවය මතු නොවු බවත් සංරක්ෂණ කටයුතු කිරිමට යෑමේදි විරෝධතාවයක් මතු විම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ උසිගැන්විමක් බවත් මෙම ස්ථානය දෙමළ ජාතික සංධානයට බලය හිමි ත්‍රිකුණාලමලය නගර හා කඩවත් ප්‍රාදේශිය සභාව ලබාගැනිමේ උත්සහය මේ පිටුපස පවතින බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා ආරක්ෂා ඉල්ලන්නෙත් ඔය ජන කොට්ඨාසයෙන්ම නේද?
මෙයාලත් එක්ක මොන සන්හිඳියාවද...? මේ දෙගොල්ලොම සිංහලයට ඇරගෙන එන්නේ. සිංහලයට රටේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මැදපෙරදිග ඉන්න විදියට. නිවට ආණ්ඩුවෙන් මේ කට්ටිය උපරිමයෙන් වැඩ ටික කරගන්නවා. ඔක්කොම දීලා අපි මහමුහුදට පනිමු.
ඇවිත් හාමුදුරුවන්ටත් බැනලලු නේද? අය්යෝ මහ ජාතියට ගිය කලක්...
ඔය මිනිස්සු රට ආක්‍රමණය කරන්නේ ඔය අයුරින්ය. බලධාරීන් සෘජුව නොසිටියහොත් තවත් ඉතිහාස ගත බෞද්ධ සිද්ධස්ථානයක් රටට අහිමිවනු ඇත
නටඹුන් යටකර බොහෝ දේ අලුතෙන් ඉදිකර ඇති බව පෙනේ...
නැගෙනහිර පළාතට අලුත් නීති නැහැ. එයාලට ඕනෑ විදියට වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට කියන්න එපා... බෞද්ධ ජනතාව කුපිත වෙලා කියලා. ඔය ප්‍රදේශ අතීතයේ සිටම බෞද්ධ සිද්ධස්ථාන නටබුන් කලාප හැටියට තියෙන්නේ. කරුණාකරල ඒ නටබුන් මතු කරලා අදාල කටයුතු ඒ ආකාරයටම කරන්න.
සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ ඒ.එච්.ඒ.සුමනදාස මහතා පැවසුයේ මෙම පරිශ්‍රය 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් දාගැබ, පිළිම ගෙය, ඇතුලු උණුදිය ළිං පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කර ඇති බව දන්නවා නම්, ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා සිංහල දන්නව නම්, නීතිය දන්නවා නම් ඇයි නීත්‍යානුකූල අයිතියක් නැති කෙනෙකුව එතැනින් ඉවත් කරලා ආරක්ෂක අංශයට එහි ආරක්ෂාව පවරලා වැඩේ කරගෙන යන්න බැරි...? මේකට කියන්නේ පරිපාලන නිලධාරීන්ගේ කොන්ද පණ නැතිකම කියලා.. රටේ නීතිය රටේ පරිපාලන නිලධාරීන් හරියට ක්රියාවේ යොදවනවා නම් කිසිම නීත්‍යානුකූල අයිතියක් නැති කෙනෙක් බලපෑම් කරන්න එන්නේ නැහැ. අපේ රට වැනසුනේ මේ කාලකන්නි වැඩ නිසායි.
මේ රටේ පාලනය දීපල්ලා අපේ භික්ෂූන් වහන්සේලාට වසර දෙකෙන් අපේ රට සිංගප්පූරුවක් කරාවි.. අපිට වියදමුත් අඩුවේවි.. රට අාරක්ෂා වේවි...
කෙළවරක් නොපෙනෙන සංසාරයේ ඔහේ ඇවිද යන අතරේ සුළු කාලයකට නවාතැන් ගන්න නතර වී අහක තිබෙන මහා පොළොවකට මරාගන්න හදන හැටි .
ඉතින් ඒක එහෙම වෙන්න ඕනෑ. මොකද මේක බෞද්ධ රටක් නොවෙන නිසා මෙහෙම කියන්නේ මම නොවේ.. බුදුදහම ඇරෙන්න අනික් සියලුම ආගම්වලට අපේ රටේ නිදහසේ පල්ලි කෝවිල් හදන්න පුළුවන්... අපි හැම දෙනාම කියනවා අපි බෞද්ධ කියලා.. එක මිනිහෙක් බොදු ප්‍රතිපත්ති රකිනවද? ප්‍රතිපත්ති බලන්න පුළුවන් අරක්කු බාර් එකක් ලඟට ගිහාම දැන්වත් මොලේ කල්පනා කරලා මේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ එලවලා අලුත්... එසේම රට, ජාතිය, ආගම ගැන හිතන බුද්ධිමත් අය පත්කර ගන්න. මේ රටේ මිනිස්සුන්ට බුද්ධිය පහළ වේවා..!!!