(ඉන්දිකා රාමනායක)
මර්දනය නවත්වන ලෙසට සහ , ත්‍රස්ත පනත වහාම හකුලා ගන්නා ලෙසට රජයට බල කරමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,සහ බහුජන සංවිධාන එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමන මරදාන එල්පින්ස්ටන් රඟහල අසලින් අරම්භ කිරීමට නියමිතය.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයින්,වෘත්තීය සමිති පිරිස්, සංවිධානවල සාමාජිකයෝ එක් රැසව සිටිති.
මෙම විරෝධතාවය හේතුවෙන් මරදාන සහ කොටුව අදට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකව තිබූ අතර, අතිරේක පොලිස් කණ්ඩායම් කැරලි මර්දන කණ්ඩායම් විශාල පිරිසක්, තැන තැන ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණි.
ජල ප්‍රහාරක රථ 4 ක් ද උකුළ සහ මරදාන අතර ස්ථානගත ස්ථාන ගත කර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා. මේ දුර්දාන්ත රාජය ගෙදර යවමු.
හොරුන්ට විරුද්ධව හොරු පෙළපාලි යනවා.
ලංකා ඉතිහාසයේ ලොකුම මර්ධනය ගෙනා ප්‍රේමදාසගේ පුතානේ එක්ක මර්ධනය එපා කියලා පෙළපාලි යන්න පිස්සුද අපිට.
අද ආණ්ඩුව ලංකා මාධ්‍ය කුළියට අරගෙනයි තියෙන්නේ. මේ වෙනකොට හුගක් අදහස් පත්තරවල පළවෙලා නැහැ.
බතික් ඇමතිත් ඉන්නෙ දැන් විරුද්ධ පක්ෂෙද? දැන් කවුරු කොයි පැත්තේ ඉන්නවද කියලා මතක හිටින්නේ නැහැ ඕයි.
බතික් ඇමැති ජපානයේ ඇවිත් විනෝදයෙන් ඉඳලා ගිය සතියේ මෙන්න පෙළපාලියේ යනවා. කාටද මේවා කියන්නේ?
" තලත්තෑනි පාගමන " කීවානම් වඩාත් උචිතයි. රට බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවේ කවුරුවත් සම්බන්ධ කරගෙන නෑනේ.
"අරගලයට" JVP මාෆියාව සහය දීලා නැහැ.ඔවුන්ට අවශ්‍ය මහිමය තනිවම ගැනීමටය.