
(අංජුල මහික වීරරත්න)
නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ බව කීවේ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් සිරසර ශිල්ප 2025 කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සව අවස්ථාවට බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද ( 15) එක්වෙමිනි.
සිරසර ශිල්ප 2025 නිර්මාණාත්මක ප්‍රදර්ශනය සහ අලෙවි සැල හෙට (16) සහ අනිද්දා (17) පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍ර යේදී පැවැත්වේ.
රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මිලදී ගැනීමේ හැකියාව මෙහි පවතින අතර පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලාෆ්ෆර්, අධිකරණ සහ ජාතික ඒකාබද්ථා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ,මහත්ම මහත්මීහු ද මීට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චියක බසයක ටිකට් නැතුව ගිහින් දඩය ගෙවාගන්න බැරුව මාසයට හිරේ ගිය තරුණයන් මහ අපරාධකරයෙක් වෙලා එන්නේ..., දඩය ගෙවන්න බැරි අයට රජයේ රෝහල්වල සතියක දෙකක සේවයට යෙදෙව්වා නම් රජයට මුදලත් ඉතුරුයි...
බන්දනාගාර පාලනය කරන්නේ අපරාධ කාරයෝ නම් , ඒවගෙන් පිට වෙන මිනිස්සු හොඳ මිනිස්සු වේවි කියල සිතන එක විහිළුවකි ,