(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ සංවර්ධනයට යොදා ගත හැකි විශාල මුදලක් දඩ මුදල් ලෙස නම්කර ඒවා ත්‍යාග මුදල් ලෙස රේගු නිලධාරින් සීමිත පිරිසක් අතරේ බෙදා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන්වේ.
බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් රජයට හිමිවන පරිදි ශ්‍රී ලංකා රේගුවේ ත්‍යාග මුදල හා සම්බන්ධ නීතිරීති වහාම සංශෝධනය කළ යුතු බව එම කමිටුව පෙන්වා දෙයි.
රේගු නිලධාරීන්ගේ අවදානම් සහිත සේවය වෙනුවෙන් යම්කිසි ත්‍යාග මුදලක් ලබා ගැනීම සාධාරණ වුවද මේ ආකාරයට කටයුතු කිරීම අනුමත නොකරන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රේගුවේ භාණ්ඩ ආනයනයට අදාළ බදු ගණනය කිරීමේ කටයුතුවලදී සිදුවන විවිධ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි .
එකතු කළ අගය මත බදු සහ රේගු බදු අඩුවෙන් අයකර එලෙස අඩුවෙන් ගෙවන ලද බදු අතිරේක බද්දක් ලෙස අය නොකර දණ්ඩනයක් ලෙස ලබා ගැනීමත් දණ්ඩන ලෙස අය කරන මුදල් වලින් සියයට 70 ක පමණ කොටසක් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමත් නිසා මෙම පාඩුව සිදුවන බව කෝපා කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.
මේ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට 2016 වසරේදී ගෙනඑන ලද ගල් අඟුරු වෙනුවෙන් රුපියල් කෝටි දහනවයට ආසන්න බදු මුදලක් අඩුවෙන් ගණනය කිරීමෙන් පසු ඒ හිඟ බදු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 20ක පමණ දණ්ඩනයක් පනවා එම දඩ මුදලින් සියයට 50ක් එනම් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ලබාගෙන ඇති බවත් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වූ වන්දි අරමුදලටද රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් බැර කරගෙන ඇති බවත් කෝපා කමිටු වර්තාව අනාවරණය කරයි.
නිලධාරීන්ගේ මෙම ක්‍රියාවලිය නිසා රජයට රුපියල් කෝටි 12කට වැඩි ආදායමක් අහිමි වී ඇතැයිද එම කමිටුව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව.
ඕක ඔයාලා අදද දන්නේ. හිතුන හිතුන දඩ ගහන්නේ. රථවාහන වැරද්දක්නම් දඩ ලිස්ට් එක තියෙනේවනේ මෙගොල්ලොන්ගේ එහෙම නෑ මුණ බැලුව දඩේ මෙච්චරයි පුදුම සෙට් එකක් හොරා කන්නම හදපු ආයතනයක් . පුලුවන්නම් දන්නා කෙනෙක් ඒගොල්ලෝ ගහන දඩ ලිස්ට් එක දාන්නකෝ මම අද වෙනකල් දැකල නෑ.
ත්‍යාග මුදල් ලබන්නෙ නිලධාරීන් පරීක්ශණ සිදු කරල අයකරගන්න දඩ වලින් මිසක් රාජ්‍ය ආදායමෙන් නෙවෙයි. ත්‍යාග මුදල් නැති කරොත් වෙන්නෙ ලැබෙන ආදායමත් නැති වෙන එක.
තමන් තමන්ටම තෑගිි ප්‍රධානය කරගෙන, හරිම ලස්සනයි. තවම බැරි උනා මේ ජරා පන්ති රකින ගෝත්‍රිකයන් ඉවර කරන්න.
හැමතැනම ගසා කෑම ජයටම සිදුවෙනවා. ලංකාවට අබ සරණයි
මෙය අල්ලසෙහි කොටසකි. නියම දඩ ලැයිස්තුවක් තිබිය හැකිය. සමහර රජයේ නිලධාරීන් ඉතා දූෂිතයන් වන අතර ඔවුන්ගේ මුළුමනින්ම දූෂිතයින් දේශපාලනඥයාගේ දූෂණවලට වඩා ඉහළ ය.
දඩ මුදල් අය කිරීම පොලිසිය උසාවිය දුම්රිය ලංගම වැනි ආයතන වලද සිදුවේ.එය රජයේ ආදායමක් විනා පුද්ගලිකව කොටසක් අයිතියක් ඇත්තක් නොවේ. 5% වැනි මුදලක් උපරිමයක් සටහන් කොට දිරිගැන්වීමක් ලෙස වානිජමය අලාභ උද්ගත වන අවස්ථාවක උපරිමයකට යටත් කොට ලබාදීමට කටයුතු කිරීම සුදුසුයි.
කෝ දේශප්‍රේමීන් නැද්ද මේකට අදහස් ලියන්න .හැමදාම මහා බැංකු කොල්ලය විතරයි කියන්න තියෙන්නේ