IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වාර අවසානය ලබන මස අග

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

පසුගිය 13 වැනිදා පැවැති අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව  ලබන 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේඅනුව  පාර්ලිමේන්තුව එදින සිට 13 වැනිදා දක්වා  දින හතරක් රැස් වෙනු ඇත.

පාර්ලිමේන්තුව ලබන මස මුල්  සති දෙක රැස්වීමෙන් අනතුරුව  මාසය අවසානයේදී   වාර අවසාන කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන කෝප් ,කෝපා  ඇතුළු කමිටු හැටකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අහෝසිවී යනු ඇත.

ඒ අනුව එම කමිටු නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු  නැවතත් පත් කිරීමට සිදුවනු ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළද ස්ථාවර නියෝග අනුව අහෝසි නොවන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සහ විශේෂ කාරක සභා පමණි.

මේ අතර අලුතින්  කමිටු පිහිටුවීමේදී කමිටු පහක  සභාපති පුටු  වෙනස් කෙරෙනු ඇතැයි  දැනගන්නට ඇත.



අදහස් (1)

වාර අවසානය ලබන මස අග

Kazi Shajahan Saturday, 23 December 2023 04:22 PM

පුළුවන් නම් ඕක වහලාම දාන්න කෝ...! අපිට වැඩක් නැහැ ඕක තිබුණා කියලා... මොකද ඕක තියෙනවා කියන්නේ පොඩි අපිට තවත් බර පටවනවා... මේකෙ ඉන්න හැත්ත එකතුවෙලා...!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site