(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් එම සභාවේදී අද (25) සාකච්ඡා කර ඇතත් ඒ පිළිබඳව අවසාන එකඟතාවක් ඇති නොවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ පැවැත්විණ.
මෙම රැස්වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී ඊයේ සාකච්ඡා නොකෙරුණු බවයි.
එහිදී සාකච්ඡා කෙරුණේ එම සභාවේ ඝනපූර්ණය සහ එහි ඉදිරි රැස්වීම් පවත්වන ආකාරය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පමණක් බවද ඔහු සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා ගැන එකඟත්වයක් නෑ