
(රෝෂන් තුෂාර)
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (08)නියෝග කළාය .
රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
මෙම විමර්ශනය ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් කර ඇති බවය.
හිටපු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් වන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් මෙම විමර්ශනයේ පළමු හා දෙවන සැකකරුවන් ලෙස නම්කර ඇතිි අතර එම සැකකරුවන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර ඇත.
මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල පළමු හා දෙවන සැකකරුවන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
756
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියලේන්ද්‍රන්ට ඇප