(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් වයිරසය වායුගෝලයේ පැතිර පවතින බවට යන කතාව මිථ්‍යාවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි.
වයිරසවලට පිටත පරිසරයේ වර්ධනයවීමට හැකියාවක් කිසිසේත් ම නැතැයි කී මහාචාර්යවරයා වයිරස වර්ධනය වන්නේ ජෛව සෛල තුළ පමණකැයි ද ප්‍රකාශ කරයි.
සාමාන්‍ය උෂ්ණත්වයේදී වයිරස විනාශ වන බවද ඔහු පවසයි.
ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වයිරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත් මුව ආවරණ දමා දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් වයිරසය එලෙස ඇතුලුවීම වළක්වා ගත හැකි බවත් තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
පුද්ගලයකුගේ ඇස්වලින්ද වයිරසය ඇතුළු විය හැකි බවද ඔහු කීය.
කෙසේ වෙතත් වයිරසය යම් යම් පෘෂ්ඨයන්හි කිසියම් කාලයක් රැඳී තිබිය හැකි බවත් දෑත් සබන් යොදා සේදීමෙන් වයිරසය විනාශ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උගතුන්ගෙන් නියම ප්‍රෙයා්ජනය අපේ රටේ ගන්නවද? මෙවැනි උගතුන්ට ජාතික වගකීම් බාදීලා තියේවිද? මෙවැනි උගතුන්ගේ උපරිම සේවය ලබාගැනීමට දැන්වත් කාරිය කරමු.
ඔබතුමාගේ ඔය දැනීම මළමිනිවල ලෑම සහ ගිනි තැබීම සම්බන්ධ ඇතිවූ අර්බුදයේදී භාවිතා නොකලේ ඇයි?. රාජපක්ෂවරුන් කැමති ලෙසට ඔබ විසින්ම ඔබගේ දැනුම මෙහෙයවනවා නේද? එවන් විටකදී කට ඇර තම අදහස් ප්‍රකාශ කලේ නම් මේ ප්‍රකාශ පිළිගන්න තිබුණා..
දැන් කියනවා වයිරසයට ශරීරයෙන් පිටත පරිසරයේ ජීවත් වෙන්න බැරිලු... ජලයෙන් පැතිරෙනවා කියලා කතාවක් යද්දි මේ ගොල්ලො කොහේද හිටියේ..?
ඔබතුමා මේ ආකාරයේ අදහසක් දැක්වීම අගය කරනවා...! මීට මාස 18 කට පෙර කොරොනා වෛරසය අපේ රට ආ දා සිට, නායකයින් පාලකයින් නැති, පාදඩ දේශපාලනයේ රාජධානියක් වූ අපේ රටේ සමාජගත කරේ අපේ රටට ආවේණික මිථ්‍යාව, අවිද්‍යාත්මක මත සහ ඒවාට මුල් වූ පුහු පම්පෝරියයි. අද එහි ප්‍රතිඵල රටම විඳිමින් සිටිති...
ඔබ තුමාගේ කැමැත්ත ඇතිව බිහිවූ මෙම පාලකයන්ගේ අනුග්‍රහයෙන් එවැනි මිත්‍යා කථා පැතිර වීමට ඉඩ දෙන්නේ ඇයි?
මේ වෛරසය ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි. කට වහගෙන ඉඳලා දැන් මේ කාගේ කොන්තරාත් එකක්ද ඉටු කරන්න හදන්නේ..?
මහලොකු මහාචාර්යවරයා සල්ලිවලට කඩේ යනවා. ලැජ්ජයි. කොරෝනා සමාගමින් කීයක් ගෙනාවද?
අද ලංකාව පත්ව ඇති තත්වයට හේතුව කොරෝනා වසංගතය ඇතිවූ දා සිට ඔබ වැනි අය කට වසාගෙන සිටීමත් රජය කොරෝනාව ජාතිවාදයට සහ දේශපාලන වාසියට පාවිච්චි කිරීමත්ය.
ඉංග්‍රීසි ටිකක් පුළුවන් නම් ඔය ගමේ උගත්තු නැතිවත් කොරෝනා ගැන සැබෑ තොරතුරු BBC ආයතනයේ වෙබ් අඩවියෙන් දැනගත හැකියි.
උගත්කම තුට්ටු දෙකේ දේශපාලනය නිසා අවමානයට පත්වෙනවා ... මෙහි පලකර ඇති ප්‍රතිචාර ආචාර්ය, මහාචාර්යවරුන් කියවනවා නම් හොඳයි.. උගත්කම මිනිස්සු අගේ කරන්නේ.... දේශපාලන මඩගොහොරුවේ වැටෙන්නේ නැතිනම් පමණි. හොඳ උගතෙක් විදිහට ඉතිහාස ගත වෙන්න පුළුවන්.. විශ්ව විද්‍යාලවල සේවය කළ අදාළ විෂය ක්ෂේත්‍රවල අගනා සේවයක් කළ මහාචාර්යවරු ඉතිහාසයෙන් මැකිලා යන්නේ නෑ පාර්ලිමේන්තු ඉන්න මහාචාර්යවරු ගැන මොනවා කියන්නද?
පරීක්ෂණ කීයක් කරලද දන්නේ නැහැ මෙයා මේ නිගමනයට ආවේ..? කවුරුහරි කියපු දෙයක් අහලා මත ඉදිරිපත් කරන විද්‍යාඥයින් සහ මහාචාර්යවරුන්... මේ අයව හොඳයි කඩේ යන්න.