(ඉන්දිකා රාමනායක)
වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක සහ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ නොසන්සුන්කාරී සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් 76 දෙනෙකු අද (14) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මින් පුද්ගලයන් 51 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල, කුලියාපිටිය, වාරියපොල, නිකවැරටිය, හලාවත, මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම පිරිසෙන් 62 දෙනෙකු වයඹ පළාතෙන් බවත් සෙසු 14 දෙනා ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වයඹ මන්ත්‍රිතුමා ඇප දුන්නු අයට මොකද වුනේ?
සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපි වෙන්වෙන්නේ නැතිව අපි මුලින්ම මේ අපේ ක්‍රිස්තියානි සහෝදරවරුන්ට වූ විපත කරපු ත්‍රස්තවාදීන්ව පරාද කරමු... සාමයෙන් කටයුතු කරමු.
සිංහල නම් නීතිය උපරිමයෙන් නැතිනම් දවස් දෙකෙන් ඇප. මෙරට දෙවන පුරවැසියාට සිංහල මිනිසුන් අකැපයි.
මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. අප කෝලාහල කර ගැනීමෙන් සිංහලයන් ගැන වැරදි සලකුණක් ඉදිරිපත් වෙන එක විතරක් නෙමේ... එයින් අන්තවාදීන්ට සුදුහුණු ගෑමක්ද සිදුවී අවසානයේ අප ත්රස්තවාදීන් බවට හංවඩු ගැහෙනවා. ඒ වගේම දේපළ හානිවලට වන්දි ගෙවන්න වැය වන්නේත් අපි අමාරුවෙන් උපයා ගන්නා වැටුපෙන්.. රජය විසින් සූරා ගන්නා බදු මුදල්... නමුත් අපේ ඉවසීම පාලකයින් යුතු ප්‍රයෝජනයට නොගන්නටත් වගබලා ගත යුතුයි...
රටම අත්අඩංගුවට ගන්න කියපු හතර අරන් කොහොමද ? ජනාධිපතිවරණය කට උඩ.