
පුෂ්පකුමාර මල්ලවආරච්චි
“වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට ගැනීමට ඉඩ නොදී බුරා වැටෙමින් වයිටා රැකවල්ලාගෙන සිටි බව කියන සිද්ධියක් පෙරේදා 4 මීරිගම, පිරිස්යාල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙසේ මියගියේ අඹේපුස්ස , පිරිස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
තරුණයකුගේ සිරුර ඔහුගේ කාමරයේ එල්ලෙමින් ඇති බවට මීරිගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරිදි පොලිසිය හා මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා මරණ පරීක්ෂණයට යන අවස්ථාවේ නිවසේ ඇති දැඩි කළ වයිටා නමැති බල්ලා තරුණයාගේ කාමරය අසලට වී කිසිවකුට එහි ඇතුළුවීමට ඉඩනොදී සිටිනු දැකිය හැකිවී ඇත.
මියගිය අයගේ මව විදේශ රැකියාවක නිරත බවද පියා කලකට ඉහත අහිමිව ඇති බවද හෙළිවූ අතර ඔහු ලොකු අම්මා සමග කල්ගත කර ඇතැයිද අනාවරණය විය. තරුණයා නිතරම හුදෙකලා දිවියක් ගත කරන්නට පුරුදුව සිටි බවටද මෙහිදී හෙළිවී ඇත.
මහත් පරිශ්‍රමයකින් වයිටා ඉවත් කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු අතර මියගිය තරුණයා පාවිච්චි කළ ජංගම දුරකතනය හා ඔහු ලියූ බවට සැක කෙරෙන ලිපියක් සොයාගෙන ඇත. එම ලිපියේ තරුණයාගේ ජංගම දුරකතනයේ අගුලු ඉවත් කරන අන්දම දක්වා තිබී ඇති අතර ඒ අනුව කටයුතු කර දුරකතනය විවෘත කර බැලීමේදී එහි සටහන් කර තිබූ ලිපියක් පොලිසියට හමුවී ඇත.
එහි පිටු ගණනාවක විස්තර ලියා තිබී ඇති අතර ‘මගේ මරණයෙන් කිසිවකුට අඬන්නට අයිතියක් නැති බව දක්වා තිබී ඇත. මගේ බල්ලයි පූසොයි කවුරු හරි බලා ගන්නා ලෙස ඉල්ලා ඇති අතර ආදරයෙන් හදා වඩා ගන්නා කෙනකුට බල්ලා බාරදෙන ලෙසට ඉල්ලීමක්ද සටහන්වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අනතුරුව “වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” යනුවෙන්ද එහි සටහන් කර තිබූ බවද පොලිසිය එහිදී අනාවරණය කළේය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයිටාට ලිපියක් ලියා ස්වාමියා අවසන් ගමන් යයි
ලුම්බිණි Thursday, 06 April 2023 04:59 AM
හරිම කනගාටුදායකයි.
SANATH Sunday, 09 April 2023 01:36 PM
අඩුම ගානේ අහිංසක බල්ලා ගැනවත් හිතලා ජීවිතේ තියාගන්න තිබුණා...