
(නිමල් ජයරත්න)
නිධානයකින් ලබාගත් බව කියන වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව අද රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්කොරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47,23,18 යන වයසේ පසුවන මව,දුව,පුතු වන අතර ඔවුන් ව්‍යාජ රන්කාසු සමග අත්අඩංගුවට ගන්නා විට පියා පැන ගොස් ඇති බවද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඔවුන් සතුව තිබූ රන් කාසි කිරීමට ගන්නා තරාදියක්, සහ ජංගම දුරකථන හයක්ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතේ හැටියට ඩුබායි රත්තරන් නිධානයක්