
(ඩයනා උදයංගනී)
දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංග මහතාගේ පුත්, වෛද්‍ය විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
එමෙන්ම ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට දැඩි උත්සාහයක් දරා ඇති තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.
මාතෘ භූමියට ආදරය කරන තමන් පෞද්ගලික හැකියාවන් තුළින් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද විමුක්ති කුමාරතුංග මහතා එහි සඳහන් කර තිබේ.
විජය කුමාරතුංග මහතාගේ 76 වන ජන්ම දින සැමරුම යෙදුණු පෙරේදා (9) ඔහු සිය ෆේස් බුක් ගිණුමෙහි මෙම සටහන යොදා තිබූ අතර ‘තාත්තා කළ දේ කිරීමට තවත් මිනිසෙක් නොමැත. අද තාත්තාගේ උපන් දිනය, ඔහු හිටියා නම් 76ක්, තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?තාත්තා ජීවිතයෙන් වන්දි ගෙවූයේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු රැසක් සුන් කරමින් බව අපි දනිමු. එහෙත් ඔහුගේ කැපවීම තවත් කළ හැක්කෙක් මෙලොව මා දන්නේ නැත.’ යනුවෙන් ද ඔහු සටහන් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුනේ සිටි වර්තමානයේ රජය සමග සිටින විමල් වීරවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ, විජය කුමාරතුංග ඝාතනය කල හේතුව කුමක්ද කියා පිළිතුරක් ලබාදේවි
ඇත්තටම මොකටද මේ වගේ සොදුරු කලාකරුවෙක් මරා දැම්මද, ඒකෙන් කවුරුහරි ලබාගත්ත දෙයක් තියෙනවද.?
විජය ගාතනය කරපු උන් මැරි මැරි ඉපදෙනවා ඇති ඉරිසියාව,කුහකකම ,බල තණ්හාව නිසා කරපු අපරාධයක් විය හැකි ..
කවුරු කවුරුත් දන්නවා ඇතිනේ
තව ටික කාලෙකින් ලොකු රැල්ලක් ඇතිවෙන්න බැරි නෑ විමුක්ති දේශපාලනයට එන්න ඕනෙ කියලා.
ජවිපෙ වැඩ නිසා ලෝකෙටම වටිනා ජිවිත කීයක් අපට නැති වුණාද. දැං එවැන්නක් නොකළ ගානට කතාව . අනෙක විජය හිටියා නම් මේ දරුවන් විදෙස්වල අධ්‍යාපනය ට යොමු කරන්නේ නැහැ. විමුක්ති ට ලංකාව ගැන කොතරම් දැනුවත් වීමක් තියෙනවා ද.
තාත්තගේ පුතාගේ ගනු දෙනු අපිට මොකටද?
තාත්තා හොඳ වුණා කියලා පුතාට චරිත සහතික දෙන්න අපිට පුළුවන්ද? චන්ද්‍රිකා, සජිත්, නාමල්, දිනේෂ්, විදුර, උවිඳු, චතුර... කවුද? දන්නා තරමින් ඩී.එස්. ගේ පුතා ඩඩ්ලි විතරයි පාස් වුනේ...