(නිමන්ති රණසිංහ)
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) නියෝග කළේය.
තම සේවාදායකයා මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින විභාග අපේක්ෂකයකු බැවින් සානුකම්පිතව සිතා බලා ඇප ලබාදෙන ලෙසට සැකකාර සිසුවා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකි.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ මෙම සැකකරු වරදක් කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලද පසු විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් භාවිත කරමින් සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට කරුණු පැහැදිලි කරදී අනාගතයට ප්‍රයෝජනවත් දක්ෂතා මතුකර රටට වැඩක් ගන්න...
ලංකාවේ දක්ෂයින්ට වෙන්නේ හිරේ තපින්න තමයි. ඒ අයගෙන් වැඩක් ගන්නෙ නැහැ. ඉස්සෙල්ලා අත් ට්‍රැක්ටරය නිෂ්පාදනය කළේ ලංකාවේ... නමුත් ඉන් රටට ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මේ ළමයා වරදක් කළා වුණත් ඉතාමත් දක්ෂයෙක් බව පේනවා මැණිකක් වටිනාකම වැඩිවෙන්නේ ඔප දැමූ තරමට තමයි. ඒ නිසා මෙම මැණික ඔපදමා රටට වැඩක් ගන්නවා මිස හිරේ විලංගුවේ දාන්න නම් එපා... විභාග දෙපාර්තමේන්තුවේ පමණක් නොවෙයි.. වෙනයම් තැනක වටිනා දත්ත පද්ධතියක් ලංකාවේ නොවෙන කෙනෙක් හැක්කරලා මකා දැමුවා නම් මොකද කරන්නේ? මේවා අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න කියලා මෙම දරුවා අනතුරු ඇඟවීමක් කරලා කියන්න පුළුවන්..
මෙයා වැඩ්ඩෙක්...!
හරි ලොකු දෙයක්ද? මෙච්චර දක්ෂ ළමයින්ව ඇරෙස්ට් කිරිල්ල..? ලොකු හොරුන්ව ඇරෙස්ට් කරනවලා. නිකන් ඉන්න දක්ෂයින්ව අඩන්තේට්ටම් නොකර...!
මේ දිහා හොඳට බලන්න. මෙයා වැඩ්ඩෙක් කීමෙන් වෙන්නේ හොරකමට අනුබල දීමක්. මෙයා කරලා තියෙන්නේ නීති විරෝධි වැඩක්. අගුළු දාලා තියන තැනකට හොරෙන් ඇතුළු වෙන වෙන එක හොර වැඩක් . අනික ලංකාවේ වෙබ් සිකියුරිටි අන්තිමයි. සොෆ්ට්වෙයාර් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන අයකුට දවසරක් දෙකක් ට්‍රයි කරා නම් ලංකාවේ ගොඩක් සයිට් හැක් කරන්න පුළුවන්. නිසි දඬුවම් දෙන්න. මේ ලේසියට ගන්න එපා. මේක කමෙන්ට් දිහා බැලුවාම තේරෙනව ලංකාවෙ ඉන්නේ කොච්චර බූරුවොද කියලා. ඔයාලා කැමතිද ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එකේ නම්බර් එක උස්සලා හොරෙන් බඩු ගන්නවට. එහෙම කරන එකා වැඩ්ඩෙක්ද? ගඩ්ඩෙක්ද?