(සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ විරෝධය පළ කරන දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත.
කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ සහ යුක්ති සහගත නොවන බවත් විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බව පැවසූ කාරියවසම් මහතා එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද ප්‍රකාශ කළේය.
මෙම කමිටුවට පැවරී ඇත්තේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම හෙයින් එලෙස ඉදිරිපත් කරන නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බවත් තමාගේ සභාපතිත්වයට එරෙහිව විපක්ෂය කරුණු සොයා බැලීමකින් තොරව මෙලෙස සාම්ප්‍රදායික ලෙස විරෝධය පළ කිරීම ගැන කනගාටුවන බවත් ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදීද ඉදිරි දිනවල කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී ඇතිවී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මාගෙන් පේන අහන්න යන්න කළින් දන්නවනේ.. එතැනට ගිහිල්ලා වැඩක් නැහැ කියලා...
කමිටු දාන්න ඕනෑ නැහැ. හේතුව තමයි හොරකම. එකට හොරකම් කරපු ඒ අයගෙම කට්ටිය.. කවදාවත් තම තමන්ගේ හොරකම් ගැන හොයයිද?
පිස්සන් කොටුවේ පිස්සොත් දොස්තරට කියනවාලු මෙන්න පිස්සෙක් කියලා...!
කලින් කමෙන්ට් 2 බලන්නකෝ... රට බංකොළොත් කරපු ඔය සෙට් එක කවදා හෝ පත්වන ඡන්දයෙන් ගෙදර යනකන් පිස්සු කරනවා.
මූ හොඳයි පිස්සන්ගේ සභාපති කළා නම් .මේ වගේ පිස්සෝ අංගොඩ වැහි වැහැලා .මේකා හරි ආසයි ටයි කෝට් දාලා ඉන්න .මොලේ කොලොප්පන් ගොබ්බ පොහොට්ටුවෙක්
මේවාට උත්තර දෙන්නේ කොහොමද? මේ රටේ ඉපදීමම විශාල පාපයක්... මේ කාලකන්නි පත් කරේත් රටේ මිනිස්සුම තමයි...!
හොරු කණ්ඩායම මෙහෙයවන කපුටගේ අවතාරය මොහු බව රටම දනී... ඔහු නොදනී.
දැන් මේ අයගේ මොළේ අවුල්. දේශපාලනයේ අවසාන කාලයේ මරු කියවනවා. කියන්නේ, කරන්නේ මොනවාද කියලා තේරෙන්නේ නෑ. ඔහේ කියවනවා. මිනිස්සු අමු ගවයෝ කියලා හිතාගෙන ඉන්නේ.