IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විපක්ෂ නායකගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා  උපකරණ පාවිච්චි කරන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද( 4) පැවසීය.

බදුල්ල රත්නපුර හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර රෝහල් වලටත් ලිනියා එක්සලේටර්  විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ  ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

‘පිළිකා රෝගීන් වසරකට තිස් දාහක් අපේ රටේ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර දීම තමයි අඩු වියදම් ක්‍රමය. ලිනියා එක්සලෙටර්  උපකරණය තමයි  පාවිච්චි කරන්න ඕන. ඒක තමයි නවීනතම උපකරණය. අපේ රටේ තවමත් කෝබෝල්ට් උපකරණ පාවිච්චි වෙනවා.  නමුත් පිටරට සතුන්ටවත් ඒ උපකරණය පාවිච්චි කරන්නේ නැහැ. ලිනියා එක්සලෙටර්  උපකරණය  යාපනය මඩකලපුව කරාපිටිය මහනුවර යන රෝහල් වලට දීලා තියෙනවා. බදුල්ල රත්නපුර හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර යනාදී අනෙක් රෝහල්වලටත් දෙන්න’



අදහස් (0)

විපක්ෂ නායකගෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site