
(අංජුල මහි වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සදාකාලික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හරියට දොස්තර හොඳ හිත කාටූනයේ චව් චව් වගේ යැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහුගේ එකම කාර්යය හැමදේටම නෑ බෑ කියන එක බවද හඳුන්නෙත්ති මහතා කීය.
"ජනතාව කියන්නේ සජිත් විපක්ෂ නායක ලෙස සිටින තුරු මාලිමාව හැමදාම ආණ්ඩුවේ සිටින බවයි. අප මේ වන විට දිවයින පුරා කර්මාන්ත පුර රැසක වැඩ අරඹා තිබෙනවා.දිවයින පුරා කර්මාන්ත පුර 19 ක් අළුතින් ආරම්භ කරනවා.මේවායේ දහස් ගණනක රැකියා තිබෙනවා.වගා නොකරන සංචාරක කර්මාන්තයට හෝ විනෝදාත්මක කටයුතු සඳහා යොදා නොගන්නා කර්මාන්ත සඳහා උචිත ඉඩම් ලැයිස්තු ලබා දෙන ලෙස අප දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’විපක්ෂ නායක දොස්තර හොඳ හිත කාටුනයේ චව් චව් වගේ’’
ගමේ එකාලා Thursday, 07 August 2025 04:25 PM
ළාමක ටින් ටින්ට ඔහොම කියන එක හරිද මන්දා. ජනාධිපති වෙන්න කාලයක් තිස්සේ ඉන්දලා සිහින දකින්නේ...?
ප්‍රොමිස්...කා Thursday, 07 August 2025 04:27 PM
ඉස්ස බිග් කොච්චන්, ඇච්චුවලි...!
Nelu Thursday, 07 August 2025 04:30 PM
කැබිනට් ඇමති කෙනෙක් වගේම සෑහෙන්න අත්දැකීම් සහිත මන්ත්‍රී කෙනෙක් කතා කරන්නේ තාම පිරිපුන් මානසිකත්වය නැති පොඩි එකෙක් වගේ. නැත්නම් ඔය දෙකේ කොලේ කතා කියාවිද? අජිත් පී පෙරේරා නිකං නොවෙයි කිව්වේ මේ ආණ්ඩුවේ කට්ටියට රාජ්‍ය තාන්ත්‍රික දැනුම මදි කියලා...!
විපරමා Thursday, 07 August 2025 05:30 PM
පහුගිය කාලවල හිටපු දූෂිත දේශපාලුවෝ. සත්තුන්ගේ නම් කිය කියා, කෑකෝ ගසමින් කිසිම විනයක්, චාරයක් නැතුව හැසිරුණු හැටි ලෝකෙම දැක්කා. අද ඒ තත්වය වෙනස් වෙලා? රාජ්‍ය තාන්ත්‍රික දැනුම වැඩි හින්දා වෙන්ඩැති රටම ලෝකෙටම ණයකාරයෝ කරලා හිගමනට වැටුණේ...
මහසෙන් Thursday, 07 August 2025 05:23 PM
දේශපාලන මතය වෙනයි. මඩ වෙනයි. ජීවිත කාලේම අනුන්ට මඩ ගහලා ඒවා දැන් ආපහු රිටන් වෙන කොට රිදෙනවා නේද? ඉට් ඉස් බිග් ඩිසාටර්...
අරවින්ද මොණරවිල Thursday, 07 August 2025 06:26 PM
මොනවා වුණත් ඒ කතාව නම් වැරැදියි හඳුන් සහෝදරයා...! කාටුන් චරිතයක් වුණත් චව් චව්ට එහෙම අපහාස කරන්න හොඳ නැහැ.
ගුණරත්න Thursday, 07 August 2025 06:55 PM
ලෝකේ ඉස්සරහ රට බාල්දු කරලා විපක්ෂ නායකට කියනවා චව්චව් කියලා. ඔය ගැලරි කතා කියලා බයියෝ නම් චූන් වෙයි, අපිට මධ්‍යස්ත මිනිස්සුන්ට ආණ්ඩුව පිළිකුල් වෙනවා. මොලයක් තියෙනවා නම් කියන දේ තේරේවි...!
නිර්පාක්ෂික Friday, 08 August 2025 12:33 PM
පාර්ලිමේන්තුවේදී කළ කතාව සාවදානව ඇහුම්කන් දුන්නානම්,එක අතකින් ඒකේ වරදක් කියන්ඩත් බැහැ. විපක්ෂ නායකයාගේ කියුම් කෙරුම් අපි නොදන්නවා නෙවෙයි.