
(වසන්ත චන්ද්‍රපාල)
වනජීවි දෙපාර්මේන්තුව මගින් වදුරන් සහ රිලවුන් අතර කරන ලද පරීක්ෂණයකදි සිපිලිස් නැමැති රෝගයට සමාන ලක්ෂණ ඇති වදුරන් සහ රිලවුන් හමුවු බව නැගෙනහිර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙම වදුරන් සහ රිලවුන්ගේ සාම්පල් ගෙන පරික්ෂා කිරිමේදි චොපලිමා පැලඩිම් කියන ස්පයිරොක් කියන වර්ගයට අයත් බව තහවුරු කර ගන්න පුලුවන් වූ බවද වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසිය.
පොලොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවලදි රිලවුන් ගේ සහ වදුරන් ගේ ලිංගිශ්‍රිතව, ගුදමාර්ගය අශ්‍රිතව සහ සමේ යම් ආසදන තත්වයන් වැඩිපුර දැක ගැනිමට හැකිවු බවද සදහන් කලේය.
මෙම සතුන් වන්දනා නඩ ගැවසෙන ස්ථානවල නිතරම සිටින අතර ආසාදන සහිත සතෙක් ඉදිගෙන සිටි ස්ථානයක කවුරුන් හෝ මනුස්සයෙක් ඉදගැනිම සිදුකරොත් වදුරන්ගේ රෝගීතත්වය නිසා ඇතිවන ශ්‍රාවයන් ශරීරයේ ගෑවුනොත් මිනිසාට ද මේ රෝග තත්වය ඇති වන බව පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන වහාම වදුරන් භාර ඇමැතිට සහ සෞඛ්‍ය ඇමැතිට කියන්න...!
පරිසර වේදීන් එක්ක පරීක්ෂණ ආරම්භ කරලා බලමුද? ඔය ගහනය පාලනය කළ යුතුමයි.
මට නම් සැකයක් තියෙනවා, වඳුරු ගහනය පාලනය කරන්න කියල කරපු දෙයක්ද කියලා.
දැන් ඉතිං වල්කමේ ගිහිං හදාගෙන ආපු එකත් කියයි වන්දනාවෙ ගිහිං රිලව් හින්ද හැදුනෙ කියල.