(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය අද දින නිකුත් කෙරිණ.

මෙම පනත් කෙටුම්පත අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67 ක් දක්වා ඉහළ යන අතර අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65 දක්වා ඉහළ යන්නේය.

මෙතෙක් එම වයස පැවැතියේ පිළිවෙළින් වයස 65 සහ 63 වශයෙනි.

එසේ වුවද අග්‍රවිනිශ්චකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු හැට හතකට එළඹෙන දිනය හෝ ඔහු අග්‍ර විනිශ්චකාර ධුරයට පත්වන දිනයේ සිට වසර හයක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකකින් කලින් එළඹෙන දිනය බවඑම සංශෝධනයේ දැක්වේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත