
(බී.ජී. චතුරංග)
යාපනය බලා විනෝද චාරිකාව යෙදෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් පාරෙන් ඉවතට ගමන් කර සිදු වූ අනතුරකින් බස් නැවතුම්පල රැදී සිටි පුද්ගලයෙකු අද (24) ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
එම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑදෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. සඳුන් දිනෙෂ් ජයකොඩි නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් සඳහා යාපනය දක්වා ගමන් කරමින් සිටියදී, ඔවුන් ගමන් ගත් වෑන් රථය අද (24දා) අනුරාධපුර - රඹෑව වැලිඔය හන්දිය අසලදී බස් නැවතුම්පලක රැඳී සිටි අයෙකු අනතුරට පත්කරමින් මාර්ගයෙන් ඉවතට ගමන්කර මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ බලා ගමන් කිරීම සඳහා රථයක් පැමිණෙන තුරු එම බස්නැවතුම් පලේ රැඳී සිටි පුද්ගලයෙකි.
අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයන් දස දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලබූ එම පුද්ගලයන් 10 දෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවද පොලිසිය සදහන් කලේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෑන්රිය ගැටී මගී නැවතුමේ සිටි අයෙක් මරුට
nimal Sunday, 24 December 2023 03:03 PM
වාහනේ දිහා බැලුවාම තේරෙනවා කොපමණ පරිස්සමෙන් ඇවිල්ලාද කියලා...? මෙහි රියදුරු මත්වතුර පානය කර සිටියේ දැයි සොයන්න. මේ වැඩ නිසා මැරෙන්නේ අහිංසක මිනිස්සු...