
(යොහාන් භාසුර)
සිම්බාබ්වේට එරෙහිව ලබන ජනවාරි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවන ලෙස නායක වනිඳු හසරංග ඉල්ලීමක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව විස්සයි20 සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් කැඳවා ඇති අතර ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ද කැඳවා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් 2021 වසරෙන් පසුව විස්සයි20 තරගයකට සහභාගි වී නොමැති අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් පැවැති ක්‍රිකට් තේරීම් කමිටුව මැතිව්ස්ට අවස්ථාව දීම ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්වය උද්ගත විය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔබලාගේ ක්‍රිකට්...!
සුපිරියි, කොහොම හරි ගොඩ යමු සහෝදරයා...! සුබපැතුම්...!