






(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)





(ඡායාරූප - එච්. චන්දන)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව තිරික්කපල්ලම පුබුදුගම කඩොලාන ප්‍රතිස්ථාපන භූමිය නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහාරා හුල්ටන් මහත්මිය අද(20) පැමිණියාය.
කඩොලාන සංරක්ෂණය හා තිරසර භාවය සම්බන්ධව පරිසර අමාත්‍යංශය මගින් සිදුකරන කඩොලාන පුනරුත්ථාපන වැඩසටහනකට සම්බන්ධ වෙමින් කඩොලාන සංරක්ෂණ කටයුතුවලට සහයවීමට සඳහා ඇය පැමිණි සිටියාය.
මේ සදහා අදාල තිරික්කපල්ලම කඩොලාන පද්ධතිය ආරක්ෂා කරමින් දෙස් විදෙස් විශ්වවිද්‍යාල සිසුන් සමඟ දේශීය හා විදේශීය කඩොලාන අධ්‍යයනය කර පරිසර වේදින්ට හා පාසල් සිසුන්ට මෙම කඩොලාන පද්ධතිය ආරක්ෂා කරමින් සංරක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දායකත්වය දක්වයි.
ඉදිරියේදි මෙම ස්ථානයේ ලෝකයේ කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇරඹීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යංශ නිලධාරීහු පවසති. මෙම සංරක්ෂණ කටයුතු පුත්තලම දිසා වන කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදුවන අතර ඒ සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවස ආයතන හා සංවිධාන ද එක්වන බව කියයි.
මෙම තිරික්කපල්ලම කඩොලාන සීමාවේ තිබු කඩොලාන විනාශ කරමින් සකස් කර තිබු ලුණු ටැංකි නැවත කඩොලාන සංරක්ෂණය සඳහා යොදාගැනීම මේ වන විට සිදු කෙරේ. එහි මේ වන විට ඉතා සාර්ථකව කඩොලාන සිටුවමින් ආරක්ෂා කිරීමටද කටයුතු කර තිබෙන ආකාරය දැක ගත හැකි විය.
පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යංශ නිලධාරීහු, වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් පින්වතෙක් ඉන්නවා නම් මේ උදවියව එක්කගෙන යන්න.. අර විනාශ කරපු කඩොලාන පරිසර පද්ධති සහ විනාශ කරපු රක්ෂිත ටිකයි පෙන්වන්න. එවෙලේම තානාපති සම්බන්ධතාවත් නවත්වනවා මහ බ්‍රිතාන්‍යය... අනිවා.!!!
සුද්දන් නැතිව තවම මොනවත් හරියට කරන්න බැහැ වගේ.
පරිසර ඇමැතිතුමාට එන්න පාරේ බැරිව ඇති...
හොඳට කෝවිඩ් 19 පාලනය කරපු දොස්තර ජාසිංහ දැන් කඩොලාන හිටවනවා. අනේ මෙහෙමත් රටක්..