
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදී අද ( 4 ) වල් අලියකු පහර දිමෙන් තිදරු පියෙකු මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේ තාවකාලික ලෙස පදිංචි සිටි 53 හැවිරිදි එම්.එම්.තිලක් නිහාල් කුමාර නැමති ගස්නැග පොල් කැඩිමේ නිරත වු තිදරු පියකු බව කියයි.
මරණයට පත්වු තැනැත්තා කොට්ටුකච්චිය කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ පලමු විවාහයේ බිරිද වසර කිපයකට පෙර මරණයට පත්විමේන් පසු මොහු කල් අඩියෙ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමඟ වසරක පමණ කාලයක් දිවි ගෙවමින් සිටියදි එම නිවසේ සිට ශරීර අවශ්‍යතාවයක් සදහා නිවසින් එළියට විත් මීටර් 20 කට ආසන්න දුරකට යාමටත් මත්තෙන් කඩා වැදුණ අලියා මෙම මොහුට පහර දි ඇති බව පොලිසිය කියයි.
මරණයට පත් තැනැත්තාට පලමු විවාහයෙදි දරුවන් තිදෙනෙකු සිටින බව කියයි. මොහු පොල් කැඩිම තම ජීවිකාව කර ගනිමින් සිටි මෙම තැනැත්තෙකු බව කියයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වන අලියාගේ පහරින් තිදරු පියා මරුට
thilak Tuesday, 04 November 2025 02:33 PM
නගරයෙන් ඈත වෙසෙන මෙවැනි දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින් වෙඩි තබා පලවා හැරිය යුතුයි.
පැරකුම්Tuesday, 04 November 2025 04:12 PM
පලවා හැරීමෙන් ඇති වැඩේ මොකද්ද? මරා දැමිය යුතුයි. අපි ඉතිං මරාපු මිනිස්සු ගාන ගණන් කර වාර්තා අලුත් කරනවා. අලි වැඩි වුණු තරමට රටේ ආර්ථිකය දියුණු වෙනවාද? මම නම් ප්‍රමුඛත්වය දෙන්නේ මිනිහාට මිස අලියාට නොවේ. බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල නම් සත්ව ගහණය අඩු කිරීමට උපත් පාලන ක්‍රම භාවිතා කරනවා. අපේ රටේ එහෙම දෙවල් අහලාවත් තියනවාද? අලි කෙණුව ගැන ඇයි කතා නැත්තේ? එය කොයිතරම් කාර්යක්ෂමද කියලා දන්නේ කී දෙනාද? ඔය අලි වැට කියන බහු බූතයා කොයිතරම් අසාර්ථකද? ඒත් ඒකේ තියන කොමිස් රසය දන්නා අය ඒක වර්ණනා කරනවා. මේ රට ගොඩදාන්න කාටවත් ඕනෑකමක් නෑ. බලයේ හිටියොත් ඇති. අපේම අවාසනාව තමයි....
Bunny Preena Tuesday, 04 November 2025 04:00 PM
වන අලින් ගම් වදින එක වැළැක්වීම් සම්බන්ධ නව සොයාගැනීම් ගැන නම් කතා ගොඩයි. නමුත් එම සොයාගැනීම් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක නොවන කතාවලට සහ පුවත්පත්වල ඡායාරූප වලට පමණක් වුණු කාරණයක් විතරක් වගේ... මට නම් හිතෙන්නේ. පවු අහිංසක ගම් වැසියන්ගේ ජීවිත.