
(දයාරත්න ඇඹෝගම)
සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහවිලච්චිය,වම් ඉවුරේ පදිංචිව සිටි සි.එන්.සීලවති(71)නැමති දෙදරු මවකි.
මියගිය කාන්තාව නිවසේ ගෙවත්තට වන අලියෙකු පැමිණ වගාවන්ට හානි කරන හඩ ඇසි නිවසේ ඉදිරිපස දොර විවෘත කර ගෙවත්තට පිවිසෙනවාත් සමග ඒ ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈත ගම්බදව ජීවත්වෙන මේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්න මේ තරම් මැලි වෙන්නේ ඇයි?