IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදෙස් සේවය සේවයට පිටින් ගිය වගකීමක් ඉටු කරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය ව්‍යාපෘතියට අරමුදල් එක්රැස් කිරීම ඉලක්ක කරගනිමින් පැවැති ජාත්‍යන්තර වෙළෙඳ සහ සංස්කෘතික ප්‍රදර්ශනය පසුගියදා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.

දෙස් විදෙස් වෙළෙඳ කුටිවලින් මෙන්ම සංස්කෘතිකාංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වූ අතර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ කොළඹ පදනම් වූ ජාත්‍යන්තර සංවිධාන ප්‍රදර්ශනයට සහභාගීවෙමින් මෙම මානුෂීය ක්‍රියාදාමයට සහයෝගය ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පෙන්වා දුන්නේය.

එහිදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය ව්‍යාපෘතියට රුපියල් මිලියන 1.5 ක පමණ මුදලක් අරමුදල් වශයෙන් එක්රැස් කර ගැනීමට සමත් වූ බවත් සර්ෆැක්ටන්ට් නම් ජීවිතාරක්ෂක ඖෂධය රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් එකතු වී ඔවුන්ගේ ධන පරිත්‍යාගයන් තවත් රුපියල් 875000 ක මුදලක් එකතු කර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.

ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සභාපති කපිල ෆොන්සේකා සහ එම සංගමයේ ලේකම් පෝෂිත පෙරේරා මහත්වරුන් ඉදිරියේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ආචාර්ය ජී. විජේසූරිය මහතා වෙත  විදේශ කටයුතු අමාත්‍යංශයේදී එම මුදල භාර දුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.

 



අදහස් (1)

විදෙස් සේවය සේවයට පිටින් ගිය වගකීමක් ඉටු කරලා

Kumara Sunday, 24 December 2023 02:46 PM

දෙවියනේ... රුපියල් මිලියන 1.5...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site