(ඩයනා උදයංගනී)
ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතවීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගයක් බැවින් ඛනිජතෙල් නිපදවන රටවල තෙල් සමාගම් සමඟ ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන පරිදි එම සමාගම්වල මුදලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව සලසාදීමට අමාත්‍යවරයා යෝජනා කර තිබේ.
මේ වන විට රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් සියයට 90කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය සපයන අතර, ඉතිරි සියයට 10 ක ප්‍රමාණය ඉන්දියානු තෙල් සමාගම මගින් සිදුකරයි.
මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ලියාපදිංචි ඉන්ධන බංකර්කරුවන්ට ජෙට් ඒ 9 ගුවන්යානා ඉන්ධන ආනයනය හා සැපයීම සඳහා අවසර ලබාදීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාත් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විදෙස් සමාගම්වලට තෙල් ගේන්න අවසර
pakeer Tuesday, 28 June 2022 02:59 PM
ගෙවන්න ඩොලර් වලින්
gampila Wednesday, 29 June 2022 12:08 PM
ඇයි අපි මීට පෙර අපේ තෙල් වලින්ද ඉන්ධන ප්‍රශ්නේ විසඳාගත්තේ...?