
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් දුන්නේ ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.
බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි 27 වැනි දා සිට ජූලි 5 වැනි දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ආවා වගේම නැවතත් ඒ ගොල්ලන්ගෙ රටවල් වලටම නැවතත් වීසා ඉවරවෙන්න කලින් යවන්න ඕනෙ . ගල් වෙන්න නොදී ලංකාවේ
වල් පරයෝ .. මේ අපේ රට යකෝ ... මුන්ට ලියලා දෙන්ඩ හදනවා
වෙලාවක් තිබ්බොත් තිස්ස විහාරය මඩකලපු විහාරය දීගවාපිය ගැනත් බලන්න
මීට කලිනුත් මෙය සැමරුවා වගේ මතකයි .මෙයින් රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා .ඒ වගේම බෝරා ප්‍රජාව ඉතාම නීතිගරුක සාමකාමී ප්‍රජාවක්
Prasa, පුළුවන් වෙලාවක බත් ටිකක් එහෙමත් කාලා පොතක් පතක් පත්තරයක් එහෙම බැලුවොත් නරකද? බෝරා කියන්නේ ලෝකයේ ධනවත්ම ජන කොට්ඨාසයක් ඔවුන් මුස්ලිම් නෙමේ ඒගොල්ලො ශියා ඩුබායිවල, ඇමරිකාවෙ, එංගලන්තය වගේ රටවල් වල ව්‍යාපාර කරන අය මෙ හිඟන රටේ පැලවෙන්නෙ නෑ බොල උන් ..