(තිළිණි ද සිල්වා)
සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට විදේශික සරණාගතයින් 851දෙනෙකු සහ දේශපාලන රැකවල් ඉල්ලා පැමිණි විදේශිකයින් 819 දෙනෙකු ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාල නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ලංකාවේ සිටින විදේශීය සරණාගතයින්ගෙන් වැඩි පිරිසක් පකිස්ථානු ජාතිකයෝ වෙති. පකිස්ථානුවෝ 608 දෙනෙක් සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයීය රැකවල් යටතේ මෙරට රැඳී සිටිති. මීට අමතරව ඇෆ්ඝනිස්ථානයෙන් සරණාගත පිරිස් 146 ක්ද, මියන්මාරයෙන් 34 ක්ද, ඉරානයෙන් 22 ක්ද, සිරියාවෙන් 14 ක්ද, යේමනයෙන් 13 ක්ද, පලස්තීනයෙන් 9 ක්ද, එරිත්‍රියාවෙන් 2 ක්ද, සෝමාලියාව, මාලදිවයින හා ටියුනීසියාවෙන් එක් අයෙකු බැගින්ද සරණගතයෝ ලංකාවේ රැඳී සිටිති.
දේශපාලන රැකවල් පතා පැමිණි විදේශිකයින් 819 දෙනාගෙන් 733 ක් පකිස්ථාන ජාතිකයින් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිල වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
එම පිරිසට අමතරව ඇෆ්ගනිස්ථානුවෝ 55 ක්, නයිජීරියානුවෝ 8 ක්, ඉරාන ජාතිකයෝ 8 ක්, සුඩානවාසීහු 4 ක්, මාලදිවයින හා යේමන ජාතිකයෝ 3ක්, බංගලාදේශ ජාතිකයෝ 2 ක්ද, පලස්තීනය, සිරියාව, ඉන්දියාව රටවල්වලින් පුද්ගලයන් 1 බැගින්ද වන විදේශිකයෝ මෙරට දේශපාලන රැකවල් ඉල්ලා සිටිති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හා ශ්‍රී ලංකා ආණ්ඩුව ඇති කර ගත් එකඟතාව මත මොවුහු මෙරට රැඳී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මදිවට හරක්ද?
අපේ රටේ අය වෙනරටවල්වලට යද්දී මේ අය මොකටද මේ එන්නේ?
ශ්‍රී ලාංකිකයන්ට පවා මූලික පහසුකම් නොමැති එකේ විදේශිකයින්ට කෙසේ පහසුකම් සපයන්නද?
මේ ගොල්ලන්ට අනුකම්පා කරන්න ගිහින් ලංකාවේ ඉපදුන මිනිස්සුන්ට සරණාගත වෙන්න සිද්ධ වෙයි. දැන් ඔස්ට්‍රේලියාවට වෙලා තියෙන්නෙත් ඒ ටිකම තමයි. මුළු ලෝකෙම ඉන්න සරණාගතයෝ ගෙන්නාගෙන අනෙක් මිනිස්සුන්ට ඊළඟ පරම්පරාවත් එක්ක නඩත්තු කරන්න සිද්ධ වෙලා.
ඔක්කොම නියම රටවල් වල බඩු ටිකක් තමයි ඇවිල්ල ඉන්නේ. මේව ඔක්කොම අපේ කට්ටිය සෙට් වෙලා කරපු ඒවා. මෙහෙම පරිසරයක් තියෙන නිසානේ ලෝක සිතියමේ ඇහැට අමාරුවෙන් පේන අපේ චූටි රටටම අවෙ. මේවා තනිකරම කුමන්ත්‍රණ.. අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ තාමත්. වීසා එහෙම මෙහෙට ආවම ගහන්න (OPEN VISA) සෙට් කරල තිබ්බේ පහුගිය කාලේ මෙන්න මේ නිසා තමයි
ඔක්කොම නියම රටවල් වල බඩු ටිකක් තමයි ඇවිල්ලා ඉන්නේ. මේවා ඔක්කොම අපේ අහවල් කට්ටිය සෙට් වෙලා කරපු ඒවා. මෙහෙම පරිසරයක් තියෙන නිසානේ ලෝක සිතියමේ ඇහැට අමාරුවෙන් පේන අපේ චූටි රටටම අවේ. මේවා තනිකරම කුමන්ත්‍රණ.. අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ තාමත්. වීසා එහෙම මෙහෙට ආවම ගහන්න (OPEN VISA) සෙට් කරලා තිබ්බේ පහුගිය කාලේ මෙන්න මේ නිසා තමයි...
එතකොට අපි? අපිව ගණන් කරේ නැද්ද?
යු එන් එක හිතන් ඉන්නේ අපේ රට කුණු බාල්දියක් කියලද? කොන්ද පන තියෙන පාලකයෝ මොවුන් අපේ රටට බාර නොගත යුතුයි.
කරුණාකර මොවුන්ව පිට කරන්න . මෙය තම ලංකාවට හෙන ගහල තියෙන්නේ .යූ එන් සහ විදේශ එන්ජීඕ වල මැදිහත්වීම
මේ වැඩි දෙනෙක් ඇත්ත සරණාගතයින් නොවෙයි. බොරු ආර්ථික සරණාගතයින්...
මේ ගොල්ලෝ නම් අවංකවම යන එන මං නැති කට්ටියක් වෙන්න ඕනෑ. නැත්නම් ලංකාවට එයියැ...
1670ක් ඒ කියන්නේ isis ලද?
මහා භාණ්ඩාගාරෙන් සල්ලි අරගෙන හරි නවක පටවල උන්ගේ රටටම ගෙනිහින් දමන්න. නියපොත්තෙන් කපන්න තියෙන දේ. මහා හෙන මිසිලයකින් ඉවර කරන්න වෙන තැන දක්වා. මේවා වර්ධනය නොකර මේ මිනිසුන් මෙහෙ නවත්තගත්තහම අපිට උන්ගෙනුත් වෙඩි කාල මැරෙන්න වෙයි. තව අවුරුදු 30 ක් විතර ගියාම මෙයාලගේ ජනගහනයත් ලක්ෂ 65 ක් විතර වෙයි .. අපිට ඉන්න තැනක් නැහැ එතකොට .. වහාම මේ මිනිසුන්ගේ රජයවල් සමග කතා කර වියදම් ඉල්ලගෙන උන්ව ආපසු ගිහින් ම දමල එන්න