(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඩොලර් මිලියන 569.7 ක් හෙවත් ඩොලර් කෝටි 60 ක ආසන්න මුදලක් ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
පසුගිය වසරේ (2022) මැයි මාසයේදී තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දිනයේ සිට ඩොලර් බිලියන 8.72 ක් හෙවත් ඩොලර් කෝටි 872 ක් විදෛ්ශ ප්‍රේෂණ ලැබී ඇති බවත් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ වෙහෙස මහන්සි වී කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා එවන්නේ ඔබලා ගැන හිතලා නෙවෙයි. අපේ ගෙවල්වල මිනිස්සුන්ට කන්න නැති නිසයි.
ඔබතුමා නම් ශ්‍රේෂ්ඨයෙක්. මෙතරම් කෙටි කලකින් ලැබූ ජයග්‍රහණය ගැන කියන්නට වචන නැත...
අඩුම තරමේ විදෙස් ගත ජනතාව රටට මෙපමණ මුදලක් එවමින් ආර්ථිකය ශක්තිමත් ව පවත්වා ගැනීමට යම් වක්‍ර සහායක් දැක්වීම ගැන දන්න එකවත් ඇති. වෙන නම් උපකාරයක් ඔවුන්ට නෑ...
ඔක්කොම පවුල් දාලා රට රස්සාවට යනවා. මොවුන් කැමරාව ඉස්සරහා මහා ලොකුවට කියවනවා.
පිටරට වැඩකරන්නන් වෙනුවෙන් ඉල්ලන්නේ ඉටුකළ හැකි සුලු දෙයක්, අපි එවන බඩු හොරකම් කරන එක නතර කරගන්න මෙම බඩු පෙට්ටි අප ගබඩාවලදි අරන් ඇතුලේ තියෙන බඩු එළියට ගන්නේ රේගු නිලධාරියෙක් ඉදිරිපිට පරීක්ෂාවෙන් පසු බැංකුවට ගිහින් ගෙවන්න තියෙන මුදල ගෙවලා එනකොට බඩු හොරකම් කරනවා... ගෙදරට ගියාමයි අපි දැනගන්නේ, ගන්නේම විස්කි බෝතල් දෙක, කට්ටියම එකතු වෙලා මේ හොරකම කරන්නේ, අපි ඉල්ලන්නේ ගබඩාවට දෙන්නෙකුට යන්න ඉඩදෙන්න කියලයි... සිසීටීවි එයාපෝට් හයි කරනවාට විරුද්ධ වුණා වගේ මේකටත් වර්ජන කරයි...
උඹලා කීයක් ගිල්ලද ?උඹලා බත් බැලයෝ .නිකන් ඉඳන් අපේ සල්ලි කකා හිටපල්ලා
මේ බැංකුවට යන ගමන්. ඔබතුමාට කීයක් හරි එවන්න.
ලංකාවේ ඉන්න කාලකන්නි දේශපාලකයන්ට කොච්චර එවලත් වැඩක් නෑ
මිනිස්සු විකුණලා පංපෝරි ගහනවා. මිනිස්සුන්ට තමංගේ පවුල එක්ක ඉන්න දෙන එක නේද වටින්නේ...?
එහෙනම් ගෙන්නමු මචෝ මන්ත්‍රී කෂ්ටියට ලැම්බෝගිනි කාර් ටිකක්...!
අපි මෙහේ මැරීගෙන හීතලේ වැඩ කරනවා මහත්හොරු බයිලා කියනවා. අපි සල්ලි එවන්නේ ලංකාවේ ඉන්න අයට කන්න, අපි කන්නේ අපි හම්බකරලා. මහජනතාවගේ සල්ලිවලින් නොවේ...
පැරිසියේ ඉන්න එවුන් මට නම්බර්ස් එක්ක පිලිතුරු දීපන්
විදෙස් ගතවූ ශ්‍රමික සංඛ්‍යාවට අනුව මේ ප්‍රමාණය මදි...මේක ආණ්ඩුවේ හැකියාව පෙන්වීමක් නෙවෙයි. රටේ ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා එයාල විදෙස්ගත වුනා. මේ රටේ එයාලට ජීවනෝපායක් නැති නිසා එහෙම කලේ. එයාල දැන් මෙහාට සල්ලි එවනව පවුලේ අය ජීවත් කරවන්න. හැබැයි ගිය අවුරුද්දෙ විතරක් ලක්ෂ 3ක් රට ගියා. ඊට සාපේක්ෂව මේප්‍රමාණය මදි. පවුල් පිටින් රට ගිය අය මෙහාට සල්ලිඑවන්නෙ නැහැ.
අපි දුක්විඳලා යවන සල්ලි වලින් පෙට්‍රල් ගහගෙන මේ ගොල්ලෝ V8, බෙන්ස්වල යනවා. මේ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ. ජර්මනියේ ඇමැතිවරුන්ටවත් මෙවැනි සැප නැහැ. අනිවාර්යයෙන් රට හදන්න නම් මේ ගොල්ලන් බස්වල යවන්න ඕනේ... එවිට රටේ තිබෙන ප්‍රශ්න මේ ගොල්ලන්ටත් දැනෙනවා...