
(යොහාන් භාසුර)
විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියාත්මක කරන පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක් ලබාදීම ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන 100 ක් හෙවත් කෝටි 10 ක් එම කාර්යංශය පසුගියදා පිරිනැමීය.
මෙහිදී අදාල අරමුදලට අවශ්‍ය රුපියල් කෝටි 40 විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වය අපේක්ෂා කරන අතර එමගින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ හැකියාව පවතින බවත් කාර්යාංශ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලයේ කැපවීමෙන් සම්පූර්ණ කිරීම අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙන සල්ලි කර්යන්සෙ මහත්තුරු රට ගිහින් හම්බ කරාපු සල්ලි නෙමෙයි නෙ? මෙ අනේක දුක් විදගෙන කාර්යංසෙ මහත්තුරුන්ටත් කුට්ටියක් දීගන ඉන්න එජන්සි කාරයින්ටත් ලක්ෂ ගනන් දීල රට ගිහින් බැල මෙහෙවර කරල ගන්න සල්ලි වලින් කඩා වඩා ගත්තු සල්ලි. එ දුක් මන්සියෙන් සල්ලි හම්බ කරාපු මිනිස්සුන්ටත් ලකුනු ටිකක් දුන්නොත් නරකද? සමහර රටගිහින් අතරමන් උනු අපෙ කාන්තාවන් ලංකාවට ගෙන්නගන්න බැහැ කියන්නෙ මෙ තරම් සල්ලි පොදිගහගෙන ඉදිද්දිද? අම්මප?