
(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හෝ බෙල්ල මිරිකලා ජීවත්වෙන තත්වයට පත්කළේ මේ රටේ අමන පාලකයින් තමයි... මහා අය එළිපිටම හොරකම් කරලා අහුවෙලා, නිදොස් කොට නිදහස් වෙලා එළියට ඇවිත් උජාරුවෙන් මාධ්‍ය සංදර්ශන තියද්දී, ඒවා දකින අනිත් අය ඒවා ආදර්ශයට නොගනී කියලද හිතන්නේ..? අනික මේ රටේ තියන පිළිගැනීම දැක්කාම කාටද හොරකම් තක්කඩිකම් කරන්න නොහිතෙන්නේ..? මේ රටේ කාටද ලැජ්ජාවක් කියලා එකක් තියෙන්නේ..? ලංකාවේ පූජකයින්ට, දොස්තරලාට, ටියුෂන් ගුරුවරුන්ට, රජයේ උසස් නිලධාරීන්ට ලැජ්ජාවක් එහෙම තියනවාද..? රටට ආදර්ශයක් දියයුතු මේ බහුතරයක් අමන හොර තක්කඩි...මේක අමන අධම අශිෂ්ඨයින්ගේ පාරාදීසයක්... ලංකාවේ හොරුන්ට මිස, වැදගතුන්ට තැනක් නැහැ....
මෙයාව හිරේ යවන්න ඕනෑ මේ දවස්වල කරන වංචාවට. ඊශ්‍රායලයෙන් ලාංකිකයන්ට ලැබුනු රස්සා එකක ලක්ෂ 25 ගණනේ විකුණනවා. දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ 16 දෙනෙකුට විකුණලා. තව කී දෙනෙකුට නම් විකුණලා ඇද්ද!!!!!
දැන් කී දෙනකුට දඬුවම් දීල තියෙනවද? කයිවාරුව විතරයි.
"වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම" මගින් අත්සන් ගිවිසුම කඩ කරන සේවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැඩි නීති ද හඳුන්වා දෙන්න.