
(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ රැකියා වංචාකරුවන්ට දැඩි දඬුවම්
බද්රානි Tuesday, 16 January 2024 10:20 PM
කාගේ හෝ බෙල්ල මිරිකලා ජීවත්වෙන තත්වයට පත්කළේ මේ රටේ අමන පාලකයින් තමයි... මහා අය එළිපිටම හොරකම් කරලා අහුවෙලා, නිදොස් කොට නිදහස් වෙලා එළියට ඇවිත් උජාරුවෙන් මාධ්‍ය සංදර්ශන තියද්දී, ඒවා දකින අනිත් අය ඒවා ආදර්ශයට නොගනී කියලද හිතන්නේ..? අනික මේ රටේ තියන පිළිගැනීම දැක්කාම කාටද හොරකම් තක්කඩිකම් කරන්න නොහිතෙන්නේ..? මේ රටේ කාටද ලැජ්ජාවක් කියලා එකක් තියෙන්නේ..? ලංකාවේ පූජකයින්ට, දොස්තරලාට, ටියුෂන් ගුරුවරුන්ට, රජයේ උසස් නිලධාරීන්ට ලැජ්ජාවක් එහෙම තියනවාද..? රටට ආදර්ශයක් දියයුතු මේ බහුතරයක් අමන හොර තක්කඩි...මේක අමන අධම අශිෂ්ඨයින්ගේ පාරාදීසයක්... ලංකාවේ හොරුන්ට මිස, වැදගතුන්ට තැනක් නැහැ....
සුධීර Tuesday, 16 January 2024 11:14 PM
මෙයාව හිරේ යවන්න ඕනෑ මේ දවස්වල කරන වංචාවට. ඊශ්‍රායලයෙන් ලාංකිකයන්ට ලැබුනු රස්සා එකක ලක්ෂ 25 ගණනේ විකුණනවා. දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ 16 දෙනෙකුට විකුණලා. තව කී දෙනෙකුට නම් විකුණලා ඇද්ද!!!!!
චන්දන Wednesday, 17 January 2024 07:32 AM
දැන් කී දෙනකුට දඬුවම් දීල තියෙනවද? කයිවාරුව විතරයි.
UPALI Wednesday, 17 January 2024 09:06 AM
"වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම" මගින් අත්සන් ගිවිසුම කඩ කරන සේවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැඩි නීති ද හඳුන්වා දෙන්න.