(අංජුල මහික වීරරත්න)
කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන "ඊ බස්රථ" නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට " මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විදුලියෙන් දුවන බස් රථ සේවයක් එයි
සල්ලි Wednesday, 26 July 2023 07:28 AM
අපි පොඩි කාලේ ඉදලා නියමු ව්‍යාපෘති කොලා මුන්. හුගක් ඒවා ෆේල් . දේශපාලන අම්බරුවන්ට දෙන ප්‍රසිද්ධිය කැලේ ඉන්න අලින්ට දුන්නා නම් අඩුම ගානේ සංචාරකයෙක් හරි වැඩිපුර එයි.
Bunny Preena Wednesday, 26 July 2023 09:13 AM
මොනවිදියෙන් හරි කමක් නැහැ රටක සංවර්ධනයට දායක වන ප්‍රධාන අංශයක් වන ගමනාගමන සේවය දියුණු කරනවානම්
Kamal Koyrala Wednesday, 26 July 2023 12:18 PM
තවත් ගැහිල්ලක් තමයි... මේ බංකොළොත් වෙලා ඉන්න වෙලාවේ අත්හදා බැලීම් තියෙන ඒවා යාවත් කාලීන කරලා තවතවත් ට්‍රැෆික් බ්ලොක් නොකර මිනිස් ශ්‍රමය, කාලය අපතේ නොයවා විධිමත් ක්‍රමයක් හදන්න පුළුවන්... 2048න් පස්සේ සලකා බැලුවොත් හොඳයි නේද?
Asanga Wednesday, 26 July 2023 01:52 PM
මේක එන්නේ 2048ද?
ගමේ එකාලා Wednesday, 26 July 2023 04:34 PM
තියෙන බස්වත්,හරියට නඩත්තු කරගන්ඩ බැරුව ,දුවගන්ඩ බැරුවයි ඉන්නේ?