
(ජේ.ඒ.එල්.ජයසිංහ)
පැය හතරක් විදුලිය විසන්ධි වීම නිසා මහනුවර අධිකරණයේ අධිකරණ ශාලා සියල්ලේම නඩු කටයුතු විභාග කිරීම දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදු කිරීමට විනිසුරුවරුනට හා අධිකරණ නිලධාරීනට සිදුවිය.
මහනුවර අධිකරණ සංකීර්ණයට ලබා දී ඇති අධිබල විදුලි ජෙනරේටරය පණ ගැන්වීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා මෙම තත්ත්වය ඇති විය.
නඩු විභාගය සිදු වූයේ ඉතා අපහසුවෙනි.
නඩු ලිපි ලේඛන අංශයෙ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ තම තමන්ගේ ජංගමවල ආලේකයෙන් අදාල ලේඛන රාජකාරි කළහ.
අධිකරණ සංකීර්ණයට විදුලිය සැපයීම සඳහා පැයකට ඩීසල් ලීටර් 150ක් පමණ අවශ්‍ය බවත් ඒ අනුව දිනකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය වන බව ද අධිකරණයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd