
(අතුල බණ්ඩාර)
හොරොව්පොතාන,වලහවිද්දවැව ප්‍රදේශයේ ගෙවත්තකට ආ සද්දන්ත ඇතකුට විදුලි සැර වැද්දවා පෙරේදා (5) මරා දමා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.
අඩි අටහමාරකට වඩා උසැති, වයස අවුරුදු විස්සක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන මේ සද්දන්ත දළ ඇතා ඝාතනය කර ඇති බව හොරොව්පොතාන පොලිසියට දැනගැනීමට ලැබීමෙන් පසු පොලිසිය අනුරාධපුර වනජීවී කාර්යාලයට ඒ බව දැනුම්දී තිබුණි.
මේ සම්බන්ධයෙන් සතා මැරී වැටි සිටි ගෙවත්තේ හිමිකරුව සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd